Commander of the Army to review the report on Weliweriya
The Report of the findings into the recent Rathupaswala – Weliweriya incidents, complied by a Court of Inquiry, presided by Major General N.A.J.C. Dias, Adjutant General of the Army was handed over to the Commander at Army Headquarters.
Members of the Court of Inquiry that was appointed by the Commander of the Army on 2 August 2013, include Major General Jagath Dias (President), Brigadier K.J. Jayaweera, Brigadier N.I. de Silva, Colonel T.D. Weerakoon and Lieutenant Colonel W.P.A.D.W. Nanayakkara (Secretary).
Chief of Defence Staff General Jagath Jayasuriya said that the army chief will make some recommendations based on the findings of the report.
“This is not something that can be done in a day or two,” Jayasuriya said just before the report was handed over.
He also said that the police was conducting its own investigations into the incident.
Meanwhile army spokesman Brigadier Ruwan Wanigasuriya denied reports that civilians and journalists were “summoned” to give evidence to the army court of inquiry over the incident.
He said that only a “request” was sent out but some people had misinterpreted it as a summons. (Colombo Gazette)
රතුපස්වල ප්‍රදේශයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ……
වැලිවේරිය , රතුපස්වල ප්‍රදේශයේ ඉකුත් දා ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා වෙත භාරදී තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා කියා සිටියේ ඊයේ රාත්‍රීයේදී අදාළ වාර්තාව යුධ හමුදා පරීක්ෂණ මණ්ඩලය විසින් යුධ හමුදාපතිවරයාට භාරදී ඇති බවයි.
පසුගියදා රතුපස්වල ප්‍රදේශයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව කටයුතු කළ ආකාරය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කරනු ලැබිණි. ඒ අනුව අදාළ මණ්ඩලය විසින් සිදුකළ සාක්ෂි විමසීමෙන් අනතුරුව අවසන් වාර්තාව ඊයේ දිනයේ යුධ හමුදාපතිවරයා වෙත භාරදුන් බව රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේය.
එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව යුධ හමුදාපතිවරයා විසින් ඒ පිළිබඳ අවසන් නිගමනය ලබා දෙනු ඇති බව හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර රතුපස්වල ප්‍රදේශයේ ජලය සම්බන්ධයෙන් කාර්මික තාක්ෂණ ආයතනය සිදුකළ පරීක්ෂණ වාර්තාව ඊයේ දිනයේ ගම්පහ දිස්ත්‍රීක් ලේකම්වරයා වෙත භාරදී තිබේ. රතුපස්වල ප්‍රදේශයේ ජලයේ ඇති ආම්ලිකතාවය පිළිබඳව සොයා බැලීම සඳහා කාර්මික තාක්ෂණ ආයතනය විසින් අදාළ පරීක්ෂණ සිදුකරන ලදී.
ගම්පහ වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ ජනතාව පසුගිය 01 වැනිදා වැලිවේරිය නගරයේ විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටියදී හමුදාව සමග ඇති වූ ගැටුමේදී තිදෙනෙකු මරුමුවට පත්විය. අවුරුදු 17, 19ක හා 29ක තිදෙනෙකු එසේ මියගිය අතර තවත් පිරිසක් තුවාල ලැබූහ. බීමට පානීය ජලය ලබාදෙන ලෙස බලධාරීන්ට බලකිරීම සඳහා ප්‍රදේශවාසී ජනතාව දින කිහිපයක් තිස්සේ පැවැත් වූ විරෝධතාවයක් එසේ අවසන් වූයේ යුද හමුදාව අවසන් අවස්ථාවේදී මැදිහත්වීමෙනි. ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවකින් පිටකරන රසායනික අපද්‍රව්‍ය නිසා ජලයේ පී.එච් අගය පහත වැටී ඇති බවත් එම ජලය බීමට නුසුදුසු බවත් කියමින් ඊට විරුද්ධව ඔවුන් විරෝධතා දැක්වීය.
කෙසේ වුවද එම කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරීය කියා සිටියේ තම කර්මාන්ත ශාලාවට එසේ එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි. කරුණු සොයා බැලීමකින් තොරව එලෙස චෝදනා නගන බව ඔවුන් කීවේය. මෙම සිද්ධියේදී විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ ජනතා විරෝධය මෙලෙස විසුරුවා හැරීමට වෙඩි තැබීමට අණ දුන්නේ කව්රුන්දැයි හෙළි කළ යුතු බවයි. කෙසේ හෝ මෙම සිද්ධිය නිසා මිනිස් ජීවිත 3ක් අහිමි වී ඇති අතර විපතට පත් පුද්ගලයින් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට වන්දි මුදල් ලබාදීමට ද රජය තීරණය කර ඇත.