Monks protest over last rites

  – සිංහල

Monks protest     A group of Buddhist monks belong to the Sihala Ravaya staged a march to protest a decision taken  to send the body of self-immolated monk to Ratnapura. The monks  started the march from the funeral parlor in Borella towards the Temple Trees to protest government’s decision to send the body of Bowatte Indraratana Thera to his home town in Ratnapura.

Bowatte Indraratana Thera, who is also a member of the organization, died Saturday from the burns he suffered when he set himself on fire to protest the slaughter of cattle in the country.

The monk doused himself with gasoline and set himself ablaze near the entrance to the Sri Dalada Maligawa (Temple of Tooth) in Kandy on the Vesak Poya Day, the holiest day for the Buddhists.

The monk, who has been a member of the Buddhist nationalist party Jathika Hela Urumaya (JHU) before joining the Sihala Ravaya, is reportedly a fervent animal right activist and has worked relentlessly to stop slaughtering cattl

භික්ෂුන් වහන්සේ පිරිසකගේ විරෝධතාවයක් හේතුවෙන්…

භික්ෂුන් වහන්සේ පිරිසකගේ විරෝධතාවයක් හේතුවෙන් කොල්ලුපිටිය බගතලේ පාර ආසන්නයේ සිට ගාලුමුවදොර දෙසට වාහන ධාවනයට ඉඩ නොදෙන බව පොලිසිය සඳහන් කළේය. මහනුවරදී සිරුරට ගිනි තබා ගැනීමෙන් පසුව අපවත් වූ හිමිනමගේ දේහය රත්නපුර කහවත්ත පනාවැන්න සිරි සුගත විහාරයට භාරදෙන ලෙස අධිකරණය නියෝග කර තිබේ.මේ අතර කොළඹ පෞද්ගලික මල් ශාලාවක් අසලට රැස් වූ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අපවත් වූ හිමි නමගේ දේහය ඉල්ලා සිටීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් ඇති විය.සිරුරට ගිනි තබා ගැනීමෙන් පසුව අපවත් වූ ජූජ්‍ය බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය කොළඹ අධිකරණ වෛද්‍ය නිලාධාරී කාර්යාල මෘත ශරීරාගාරයේ සිට බොරැල්ලේ පිහිටි මල්ශාලාවක් වෙත අද පෙරවරුවේ රැගෙන යනු ලැබිණ.පසුව එම මල්ශාලාව අසලට රැස් වූ භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා තමන්ට භාර දෙන්නැයි ඉල්ලා සිටි අතර එහිදී සංවාදාත්මක තත්ත්වයක් ඇති විය.කෙසේවෙතත් පසුව පිරිසට දැනගන්නට ලැබී ඇත්තේ, ස්වාමීන් වහන්සේගේ දේහය කහවත්ත ප්‍රදේශයට රැගෙන ගිය බවය.එහිදී භික්ෂූන් වහන්සේගේ දේහය තමන්ට ලබා නොදීමට විරෝධය පළ කරමින් රැස්ව සිටි භික්ෂූන් වහන්සේලා අතර නොසන්සුන්තාවක් හට ගැනිණ.
කෙසේවෙතත් පොලීසිය හා හමුදාව මැදිහත්ව තත්ත්වය සාමකාමී කිරීමට සමත් වූහ.පසුව පිරිස මල්ශාලාව තුළට යාමට උත්සාහ දැරූ අතර එවිට පොලීසිය හා රැස්ව සිටි පිරිස අතර යම් නොසන්සුන් තත්ත්වයක් හට ගැනිණ.භික්ෂූන් වහන්සේගේ දේහය තමන්ට ලබා නොදීමට විරෝධය පළ කරමින් පසුව රැස්ව සිටි පිරිස බොරැල්ලේ සිට කොල්ලුපිටිය දෙසට පැමිණියහ.පිරිස පා ගමනින් බෞද්ධාලෝක මාවත ඔස්සේ ඉදිරියට ගමන් කළ ද තුන්මුල්ල ආසන්නයේදි ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් එම ගමන වැළැක්වීය.පසුව පිරිස කොල්ලුපිටිය දක්වා පා ගමනින් පැමිණිය ද බගතලේ පාර ආසන්නයේදී ආරක්ෂක අංශ මැදිහත්වීමෙන් යළිත් ගමන ද අඩාල කෙරිණ.අරලියගහ මන්දිරය වෙත ගිය පිරිස පැමිණෙන තෙක් භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් කොල්ලුපිටිය මංසන්ධිය අවහිර කරමින් ගාලු පාරේ වාඩි වී විරෝධතාව දැක්වූහ.මද වේලාවක් ගිය පසු අරලියගහ මන්දිරය වෙත ගිය එක් හිමිනමක් ආපසු පැමණියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *