Govt bans protests in Colombo next month ahead of CHOGM

– සිංහල

chogm    The government has banned protests in the city of Colombo in the month of November, sources said.

The government under the public security regulations has directed that protests, marches and the display of banners and black flags be banned during the first three weeks of next month.

Legal Advisor to the Defence Ministry, Hariguptha Rohanadheera has said that the government has made this decision as part of the security plan during the Commonwealth Heads of Government Meeting (CHOGM) summit scheduled to commence in Colombo on Nov 15.

The special regulations are to be in place in areas that are to be occupied by the CHOGM delegates during the three weeks of activities in November.

Rohanadheera has added that the government wants to provide a high level of security to the delegates from 53 countries visiting the country during the CHOGM summit.

The opening ceremony of the CHOGM 2013 is to be held on Nov 15 in the Nelum Pokuna Mahinda Rajapakse Theatre in Colombo, while most of the summit is to be held at the BMICH from Nov 15 – 17. The Heads of government retreat is to be held at the Waters Edge in Battaramulla.

The Commonwealth Youth Forum is to be held from 10-14 Nov in the International Convention Centre in Hambantota, while the Commonwealth Business Forum will take place at the Cinnamon Grand in Colombo from 12 -14 Nov. (Lakbima)

 

කොළඹ නගරය ඇතුළු පිටස්තර ප්‍රදේශ කීපයක පෙළපාළි, උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම, බැනර් ප්‍රදර්ශනය කිරීම සහ කළුකොඩි දැමීම සපුරා තහනම්……

ලබන නොවැම්බර් මාසයේ සති තුනකට ආසන්න කාලයක් තුළ කොළඹ නගරය ඇතුළු පිටස්තර ප්‍රදේශ කීපයක පෙළපාළි, උද්ඝෝෂණ සහ විරෝධතා පැවැත්වීම, බැනර් ප්‍රදර්ශනය කිරීම සහ කළුකොඩි දැමීම සපුරා තහනම් කෙරේ. රජය මහජන ආරක්ෂක පනත යටතේ මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ ලබන නොවැම්බර් මස 15 දා කොළඹදී ඇරඹෙන ‍පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගි වන රටවල් 54කට අයත් රාජ්‍ය නායකයන්ඇතුළු සම්භාවනීය අමුත්තන්ට ආරක්ෂාව සැලසීමේ පියවරක් වශයෙන් යැයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ නීති උපදේශක හරිගුප්තා රෝහණධීර මහතා “ලක්බිම”ට පැවැසීය.

ඒ අනුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව, නෙළුම් ‍පොකුණ රඟහල, පාර්ලිමේන්තු සංකීර්ණය, හික්කඩුව, ගාල්ල, සීගිරිය, මහනුවර සහ හම්බන්තොට යන ප්‍රදේශ අයත්වන ‍පොලිස් බල කොට්ඨාසයන්හි අඛණ්ඩව මෙම සුවිශේෂ නීති රෙගුලාසි ක්‍රියාත්මක කෙරෙන අතර, එම ‍පොලිස් බලප්‍රදේශවලට පමණක් සීමාවන පරිදි ‍පොලීසිය ඇතුළු ආරක්ෂක හමුදා නිලධාරීන්ට පැවරෙන බලතලද වැඩිකර ඇත. මෙම සුවිශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රී ලංකාවට පැමිණෙන රටවල් 54ක රාජ්‍ය නායකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැලසීමේ අරමුණින් බවත් මීට පෙර අවසන්වරට ‍පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැති ඕස්ට්‍රේලියාවේ පවා මෙවැනිම සුවිශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කෙරුණු බවත් හරිගුප්තා රෝහණධීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වෙතත් එම සුවිශේෂ නීති රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට හදිසි නීතිය යොදාගැනීමේ අවශ්‍යතාවයක් නොමැති අතර, මහජන ආරක්ෂක පනතට අයත් විධිවිධාන යටතේ එම නීති රෙගුලාසි ක්‍රියාත්මක කෙරෙන බවත් කී නීති උපදේශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රදේශවාසී ජනතාවට එමගින් සුළු අපහසුතාවයක් ඇතිවූවද සමුළුවට පැමිණෙන රාජ්‍ය නායකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා එවැනි ආරක්ෂක පියවරක් ගැනීම නොවැළැක්විය හැකි බවය.

නිහාල් ජගත්චන්ද්‍ර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

178,412 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>