SC: Land powers with Centre

 
sinhala– සිංහල
english

courts   

The Supreme Court unanimously today determined that the subject of land is vested with the Central Government and not with the Provincial Council, as stipulated by the 13th amendment.

Giving three separate judgements, Chief Justice Mohan Peiris, Justice S.Sripavan and Justice Eva Wanasundare determined that the powers regarding state land is vested with the Central Government and not with the Provincial Council, Attorney- at- law Gomin Dayasiri said.(dailymirror.lk)

ඉඩම් අයිතිය මධ්‍යම රජයටයි…..

ඉඩම් පිළිබඳ අයිතිය ඇත්තේ පළාත් සභාවලට නොව මධ්‍යම රජයට බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (26) ලබාදුන් තීන්දුවකින් තහවුරු කර තිබේ. අගවිනිසුරු මොහාන් පීරිස්, කේ.ශ්‍රී පවන්,ඊවා වනසුන්දර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනා විසින් මෙම තීන්දු ලබා දී ඇත්තේ ඉඩම්වල අයිතිය සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ගොනු කළ අභියාචනයක් සලකා බැලීමෙන් අනතුරුවය. විනිසුරු මඩුල්ලේ තිදෙනා වෙන වෙනම ස්වකීය තීන්දුව ප්‍රකාශයට පත් කළද එකී තීන්දු ත්‍රිත්වයෙන්ම තහවුරු කර තිබුණේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඉඩම්වල බලතල ඇත්තේ මධ්‍යම රජයට බවයි.

ජනවාර්ගික ප්‍රශ්නය කේන්ද්‍ර කර ගනිමින් ඉන්දියානු බලපෑම මත 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඒකීය රාජ්‍යයක් තුළ බලය විමධ්‍යගත කිරීමක් වෙනුවෙන් පළාත් සභා ක්‍රමය ස්ථාපිත කෙරුණි. එබැවින් 13 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව ඉඩම් හා පොලිස් බලතලද පළාත් සභා සතුවන බවට කරුණු දැක්වුණද පළාත් සභාවන් මධ්‍යම රජය හා දක්වන සම්බන්ධය පිළිබඳ ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන අනුව සලකා බලන විට ඇතැම් විටෙක සංකීර්ණ තත්ත්වයක් අත්දකින්නට හැකිය.

මේ නිසාම ඉඩම් හා පොලිස් බලතල පළාත් සභාවන්ට පවරාදිය යුතුද නැද්ද යන කාරණය පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලන කරළියේ කතා බහට ලක්විය.
උතුරේ ප්‍රධාන අමාත්‍ය ධූරයට පත් හිටපු මහාධිකරණ විනිසුරු සී.වී විග්නේශ්වරන් මහතා ද මැතිවරණ ප්‍රචාරණ වැඩපිළිවෙළ දියත් වූ කාලයේ දිගින් දිගටම කියා සිටියේ උතුරට ඉඩම් හා පොලිස් බලතල ලබාදිය යුතු බවයි. එහෙත් උතුරට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම තුළින් රට බෙදුම්වාදයට ඇද වැටෙන බවත්, එමඟින් උතුරේ ඊලාම් රාජ්‍යයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය දේශපාලන පසුබිම සැකසෙන බවත් දකුණේ සිංහල ජාතිකවාදී දේශපාලන නායකයින්ගේ සහ පක්ෂවල අදහස විය.

කෙසේ වෙතත් අධිකරණ තීන්දු මෙන්ම නඩු වාර්තාවන්ද නීති මූලාශ්‍ර ලෙස සැලකෙන බැවින් අද (26) දවසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ තීන්දුව ‍‍ඓතිහාසික තීන්දුවක් බව නොකිවමනාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

171,489 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>