TID quiz BBC Vavuniya reporter

 
sinhala– සිංහල
english

bbc     

 The police Terrorist Investigations Division (TID) questioned the BBC Tamil Service reporter based in Vavuniya today.

According to the BBC, Ponniah Manigavasakam was questioned for nearly two hours today by the TID.

The Tamil journalist has been reporting for the BBC for some 15 years from the north, the BBC Tamil service reported.

He had been questioned about his reports on political prisoners at the Magazine prison and some telephone calls he had received from Tamil prisoners.

The reporter had told the TID that as a journalist it was nothing new to receive telephone calls from prisoners or their family members.

With most of the prisoners remaining in prison for years they often seek information on their  release, the BBC reporter had told the TID. (Colombo Gazette)

බිබිසි දෙමළ පුවත් සේවයෙහි පුවත් වාර්තාකරු….

ශ්‍රී ලංකාවෙහි වවුනියාව ප්‍රදේශයේ බිබිසි දෙමළ පුවත් සේවයෙහි පුවත් වාර්තාකරු පොන්නයියා මානික්කවාසකම්, අද සඳුදා දින ත්‍රස්ත මර්දන බුද්ධි අංශ නිළධාරීන් විසින් ප්‍රශ්ණ කිරීම සඳහා කැඳවා තිබේ. බිබිසි දෙමළ පුවත් සේවය සඳහා පසුගිය වසර 15ක් තිස්සේ උතුරු ශ්‍රී ලංකාවේ සිට වාර්තාගත කරමින් සිටින මානික්කවාසහම්ට මෙම වරෙන්තුව ගැනවූ හේතුව පෙරාතුවම දැනුම්දී නොමැත. එම ප්‍රශ්ණ කිරීමේදී ඔහුගේ නීතීඥවරයාටද ඔහු සමඟ සිටීමට අවසර ලබාදී නොමැත.

එම ප්‍රශ්ණ කිරීම්වලදී, මැගසින් බන්‍ධනාගාරයේ රඳවා තබා සිටින රැඳවියන් දෙදෙනෙකුගෙන් පසුගිය මාස කිහිපයකින් ලැබුණු දුරකථන ඇමතුම් හා ඔහු විසින් එම රැඳවියන්ට කළ ඇමතුම් ගැන ප්‍රශ්ණකර තිබේ.මැගසින් බන්‍ධනාගාරයේදී ඉතා දිගුකලක් තිස්සේ විභාගයකින් තොරව හා කිසිම නීතිමය පියවරක්ද නොමැතිව රඳවා සිටින සිය ගණනක දෙමළ සිරකරුවන් ගැනවූ පුවත් නිකුත්වෙමින් තිබේ. එම සිරකරුවන් කොටි සංවිධානයට සම්බන්‍ධද යැයි සැක කෙරේ. ඔවුන්ව කෙරෙහි නිසිලෙස අධිකරණ විභාගයන් පැවැත්විය යුතුයි නැතිනම් ඔවුන්ව වහාම නිදහස් කළ යුතුයැයි මානව හිමිකම් සංවිධානද ඉල්ලා සිටිති.

පුවත් වාර්තාකරුවකු ලෙස වැඩි කලක් විභාගයකින් තොරව රඳවා සිටින සිරකරුවන් හා ඔවුන්ගේ ඥාතීන්ගෙන් මෙලෙස දුරකථන ඇමතුම් ලැබීම සාමාන්‍ය කරුණක් බව මානික්කවාසකම් අදාල නිළධාරීන් වෙත පවසා තිබේ. ඔවුන් සාමාන්‍යයෙන් තම ප්‍රශ්ණයන් ගැන විවාද කරන අතර තමන් කඩිනමින් නිදහස්වීමට යමිකිසි අවස්ථාවක් තිබෙන්නේදැයි විමසා සිටින බවද ඔහු පවසා තිබේ.එලෙස තමන්ට ගන්නා දුරකථන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමට පෙර විසන්ඳිවූ විට (missed calls) තම රැකියාව යටතේ තමන් එම අංකයට යළි අමතා ඇතයිද හෙතෙම පවසා තිබේ. බිබිසි පුවත් වාර්තාකරු ලෙස තමන් දිගකලක් සේවය කරන හෙයින් තමන්ගේ ජංගම දුරකථන අංකය බොහෝ දෙනෙකුට දන්නා බවද හෙතෙම පවසා තිබේ. මානික්කවාසහම්ට එරෙහිව යමිකිසි නඩුවක් පවරා තිබෙන්නේද නැතිනම් ඔහුව යළි ප්‍රශ්ණ කිරීම සඳහා නිළධාරීන්ව හමුවිය යුතුදැයි කිසිම තොරතුරක් ඔහුට ලබාදී නොමැත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,344 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>