▶sinhala– සිංහල |
▶english– |
This incident is particularly troubling in light of a number of recent attacks against the Muslim community in Sri Lanka. Targeting any place of worship should never be permitted and we urge calm from all sides. We call for prosecution of perpetrators in this attack and an end to religious-based violence.
The right of all Sri Lankans to practice the religion of their choice should be protected the release said.
ග්රාන්ඩ්පාස් මුස්ලිම් මස්ජිදයට එල්ලවූ ප්රහාරය සම්බන්ධයෙන්….
ග්රාන්ඩ්පාස් මුස්ලිම් මස්ජිදයට එල්ලවූ ප්රහාරය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇතයි ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්රකාශකර තිබේ. ඊයේ දින ග්රාන්ඩ්පාස් මස්ජිදයට පහරදී තිබුණි. මෙම සිද්ධියෙන් පොලිස් නිළධාරීන් ඇතුළු කිහිප දෙනෙකු තුවාලවී තිබිණි. එම සිද්ධියෙන් අනතුරුව හටගත් නොසන්සුන් තත්වය නිසා ඊයේ දින හා අද දිනද රාත්රී කාලයේදී ඇඳිරිනීතිය පනවා තිබේ.
ශ්රී ලංකාවතුල මුස්ලිම් සමාජයට එරෙහි ප්රහාරයන් බහුලවී ඇතයි ඇමෙරිකාව පෙන්වාදී තිබේ. කිසියම් ආගමික ස්ථානයකට පහරදීම කිසිසේත්ම පිළිගත නොහැකි බවද පවසා තිබේ. පහරදීමේ සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන්ට එරෙහිව නීතිමය ක්රියාමාර්ගයක් ගතයුතු බවත් ආගමික ස්ථානවලට පහරදීම නවතා දැමිය යුතු බවද සඳහන්කර තිබේ. ආගමික කටයුතු නිදහසේ පවත්වාගෙන යෑමේ අයිතිය සියළු දෙනාටම තහවුරුකළ යුතුයැයි ඇමෙරිකානු තානාපති කාර්යාලය එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.