Train services around the country crippled

 
sinhala– සිංහල
english

railway     

Train services around the country have been crippled as a result of trade union action launched by railway employees today. The Railway department said that several trains were not operating today following the announcement of a 48 hour trade union action.

Commuters were stranded Island wide due to the strike launched by the Railways Professional Trade Union Alliance (RPTUA) since midnight on Sunday over salary anomalies. Engine drivers, train guards, station masters, train controllers as well as all supervising coordinators of railways are taking part in the strike.

A number of office trains have been obstructed and some of the postal trains have been cancelled as well, a railway official said.

“We took measures to voice our grievances to the authorities including the Transport Minister and the Presidential Secretary concerning the salary anomaly. Although we were given promises of rectifying the anomaly, no such action has been taken so far,” Convener of the Joint Trade Union Alliance for Railway Employees, Janaka Fernando said.

දුම්රිය වැඩ නෑ මගීන් අසීරුවේ….

වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය සේවකයින් විසින් දියත් කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අද දිනයේ දුම්රිය ධාවන කටයුතු අඩාව වී ඇති ඇති බව වාර්තා වේ.මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී දුම්රිය පාලක මැදිරිය කියා සිටියේ දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී තැපැල් දුම්රිය රැසක් අවලංගු කිරීමට සිදුවූ බවයි. අද දිනයේ ද දුම්රිය ධාවන කටයුතු සිදුකිරීමට ප්‍රමාණවත් තරම් සේවකයින් නොමැති බව ද දුම්රිය පාලක මැදිරිය එහිදී කියා සිටියේය. දුම්රිය සේවක වැඩ වර්ජනය හේතුවෙන් ඊයේ රාත්‍රී සිට මගී ජනතාව දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටි බව අද දෙරණ වාර්තාකරුවන් පෙන්වාදෙයි.

කෙසේ වෙතත් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට වෘත්තීය සමිති එකඟතාව පළ කළ බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ධම්මික පෙරේරා මහතා පවසයි. වෘත්තීය සමිති සමඟ පැවැත්වූ සාකච්ජාවකින් අනතුරුව ඔවුන් මෙම එකඟතාව පළ කළ බව ලේකම්වරයා සඳහන් කළේය. දුම්රිය වෘත්තීය සමිති සමඟ අද (08) පස්වරු 2.30ට ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සමඟ විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතව තිබේ. මේ හේතුවෙන් අදාළ වර්ජනය පස්වරු 02.30 දක්වා තාවකාලිකව නතර කිරීමට වෘත්තීය සමිති එකඟ වූ බව ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ධම්මික පෙරේරා මහතා කියා සිටියි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දුම්රිය ශ්‍රේණිගත එකතුවෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ සිය වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බවයි. පස්වරුවේ පැවැත්වෙන සාකච්ජාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ශ්‍රේණිගත වෘත්තීය සමිති එකතුව වෙනුවෙන් එකී ප්‍රකාශකයා වැඩි දුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,289 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>