Suspected Indian Mujahideen man arrested; will be questioned for Bodhgaya blasts

 
sinhala– සිංහල
english

Mahabodhi_Temple_-_Bodh_Gaya-300x225     

 A suspected Indian Mujahideen member, who was arrested yesterday from the Nadia district in West Bengal, will be questioned over whether he had any role to play in the multiple blasts that rocked the Mahabodhi temple in Bihars Bodhgaya yesterday morning NDTV News reported.

Union Home Secretary Anil Goswami said that serial explosions inside and outside Mahabodhi Temple complex were a terror attack and NIA and NSG teams have been sent for post-blasts investigations.
Last year, the Delhi Police claimed to have foiled a ‘fidayeen’ attack in the town with the arrest of suspected Indian Mujahideen (IM) elements to avenge “atrocities” against Muslims in Myanmar. Security agencies suspect that IM may be behind the latest blasts.

Union Home Minister Sushilkumar Shinde said two live bombs were defused in the town. A third bomb, hidden in a cylinder, was recovered from a village near Bodh Gaya hours after the blasts and defused.

However, no group has claimed responsibility for what the Centre and state government have described as a terror attack in a region where Maoists have a strong foothold.

බුද්ධගයා බෝම්බ ප්‍රහාරයට සැක පුද්ගලයෙක් අල්ලයි….

බුද්ධගයාවේ මහාබෝධි විහාර පරිශ්‍රයේ සිදුවූ පිපිරීම් මාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ත්‍රස්ත සාමාජිකයෙකු පිළිබඳ සැක පළ වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඊයේ පස්වරුවේ කොල්කටා හිදී අත්අඩංගුවට ගත් ඉන්දියානු මුජහිදීන් නැමැති ත්‍රස්ත සංවිධානයේ අන්වර් හුසේන් මුල්ලික් නැමැත්තා අදාළ ප්‍රහාරයට සම්බන්ධයක් ඇත්ද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පෙන්වාදෙයි. කොල්කටා හි බස්නැවතුම්පළක දී පුපුරණ ද්‍රව්‍ය සහ ව්‍යාජ ඉන්දීය මුදල් නෝට්ටු සමඟ මොහු ඉන්දීය විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වන දින දක්වා පොලිස් රැඳවුම් භාරයේ තැබීමට නියෝග කර ඇත.

ඉන්දීය පොලීසිය පවසන්නේ මහාබෝධි විහාර පරිශ්‍රයට ඊයේ පෙරවරුවේ එල්ලවූ බෝම්බ ප්‍රහාරයට මෙම සැකකරුගේ සම්බන්ධයක් ඇත්ද යන්න පිළිබඳ සොයා බැලීම සදහා දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බවයි. බිහාර් ප්‍රාන්තයේ මහාබෝධි විහාර පරිශ්‍රයේ සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවෙන් විදේශ ස්වාමීන් වහන්සේ නමක් ඇතුළු තවත් පුද්ගලයෙකු තුවාල ලැබීය. එරට පොලීසිය සදහන් කළේ මහාබෝධි විහාර පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ පිපිරීම් 09ක් සිදුව ඇති බවයි. අනතුරුව සිදුකළ සෝදිසි කිරීම්වල දී පුපුරා නොගිය තවත් බෝම්බ 03ක් පොලීසිය විසින් සොයාගනු ලැබීය. මේ අතර බුද්ධගයා මහාබෝධි විහාර පරිශ්‍රයට මහජනතාවට ඇතුළුවීම තාවකාලිකව නතර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. අදාළ පිපිරීම් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බව බිහාර් ප්‍රාන්තයේ පොලිස් ප්‍රධානියා පවසයි.

කෙසේ වෙතත් මහාබෝධි විහාරයට පහරදීමේ තැතක් පිළිබඳව බුද්ධි අංශ අනතුරු අඟවා තිබියදීත් එය වැළැක්වීමට නොහැකිවීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට සහ බිහාර් ප්‍රාන්ත රජයට භාරතීය ජනතා පක්ෂය චෝදනා එල්ල කරයි. එම පක්ෂය පෙන්වා දෙන්නේ අන්තර්ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් පූජණීය ස්ථානයකට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදීමට නොහැකි වීම ගැන බිහාර් ප්‍රාන්ත රජයත්, මධ්‍යම රජයත් වඟකිව යුතු බවයි. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ මහාබෝධි පරිශ්‍රයේ පිහිටි සී.සී.ටී. කැමරාවල දත්ත පරීක්ෂා කිරීමේ කටයුතු අනතුරුව ආරම්භ කර ඇත.අදාළ පරීක්ෂණ සඳහා විශේෂ බුද්ධි අංශ කණ්ඩායම් 02ක් යොදවා ඇති බව ඉන්දීය පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,536 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>