▶sinhala– සිංහල |
▶english– |
Indian Minister of State V. Narayanasamy told the BBC Sandeshiya that India however is not putting undue pressure on the Sri Lankan government with regards to the 13th Amendment.
He says India is against diluting the powers in the 13th Amendment to the constitution which came about through the Indo-Lanka accord in 1987.
The Indian Minister also note that as the 13th Amendment was part of a joint agreement, any changes being made should be first discussed between both countries.
Narayanasamy recalled that President Mahinda Rajapaksa had given an assurance to India that the 13th Amendment will be fully implemented
පළාත් සභා ‘දියාරු කිරීමට’ ඉන්දීය විරෝධය….
රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුමක් වෙනසකට භාජනය කිරීම එක් රටකට තනිව කළ හැකි කාර්යයක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ නියෝජ්‍ය අමාත්‍ය වී.නාරායන ස්වාමි මහතා පවසයි. අදාළ ගිවිසුම වෙනස් කළ යුතු නම් ඒ පිළිබඳ දෙරට එක්වී නැවත සාකච්ඡා කළ යුතුය යන්න ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදය බව ලන්ඩනයේදී බී.බී.සි සන්දේශය සමඟ අදහස් දක්වමින් නාරායන ස්වාමී මහතා ප්‍රකාශ කර ඇත. පළාත් සභා බලතල වෙනස් කිරීමට ශ්‍රී ලංකාවේ රජය දරන උත්සහයට නාරායන ස්වාමී මහතා සිය නොසතුට පළ කර ඇති බව ද වාර්තා වෙයි
13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම ක්රියාවේ යොදවන බවට ශ්‍රී ලංකා රජය ඉන්දීය රජයට සහතියක් දී ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත.
මේ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඉන්දීය බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතවෙයි. දේශපාලන අර්බුධයට විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන සතියේදී රැස්වීමට නියමිතයි. ‘ද්විපාර්ශවීය ගිවිසුමක් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් පැන නගින්නේ නම්, එය දෙරට එක්වී නැවත සාකච්ඡා කිරීම,’ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ක්‍රමවේදය බව නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.