Bring LTTE arms procurer to India

 
sinhala– සිංහල
english

kp   

 A former police officer, who was part of the special investigation team that probed the Rajiv Gandhi assassination case, has moved the Madras high court for a direction to the Centre and the CBI to consider his representation seeking the extradition and interrogation of ex-LTTE leader Kumaran Padmanabhan alias KP, the Times of India reported.

The PIL, filed by J Mohanraj said KP was close to LTTE leaders and was the chief arms procurer for the banned organization.

The first bench comprising acting Chief Justice R K Agrawal and Justice M Sathyanarayanan, before which the PIL of Mohanraj came up for hearing, issued notice to the union home ministry and the CBI. The matter has been adjourned to August 5 for further proceedings.

In his petition, Mohanraj said there were several loose ends in the Rajiv Gandhi assassination investigation as well as trial, and said he had written to the Centre and the CBI requesting them to press for the extradition of KP and his interrogation. However, though KP was in the custody of Sri Lankan authorities since 2009 neither the CBI nor the Multi-Disciplinary Monitoring Agency (MDMA) which has been mandated to probe the conspiracy angle of the assassination had done anything to bring KP to India, he said.

Quoting announcement by Sri Lanka as well as media reports from several parts of the world, Mohanraj said the island nation had dropped all charges against KP though it had acknowledge that KP was wanted in connection with the Rajiv Gandhi assassination case. Describing KP as a ‘treasure trove of secrets’, the PIL said if he is brought to India and questioned several cases including a Rs 1,336-crore Indian Bank scam case could be cracked. He, however, did not elaborate about the bank scam.

He had written several letters and complaints to the Centre and the CBI, but no action has been taken on them so far, he said.(The Times of India)

කේ.පී. ඉන්දියාවට කැදවන්න හදයි….

ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් එල්ටීටීඊයේ හිටපු ප්‍රධාන නායකයකු වන කුමරන් පද්මනාදන් හෙවත් ‘කේපී’ ඉන්දියාවට කැඳවා ප්‍රශ්න කළ යුතු යැයි පවසමින් චෙන්නායි මහාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අදාල පෙත්සම රජීව් ගාන්ධි ඝාතනය පිළිබඳ පරීක්ෂණ කළ විශේෂ පොලිස් කණ්ඩායමට අනුයුක්තව සිටි දැනට විශ්‍රාමික ජේ. මොහාන්රාජ් නම් පොලිස් නිලධාරියෙක් විසින් ඉදිරිපත් කර ඇත. මොහාන් රාජා සිය පෙත්සමින් පෙන්වාදී ඇත්තේ කේපී වේළුපිල්ලේ ප්‍රභාකරන්ට සමීපව සිටි බවත්, කේපීගෙන් ප්‍රශ්න කළහොත් රජීව් ඝාතනයේ වැදගත් රහස් හෙළිකර ගත හැකි බවයි. වැඩබලන අගවිනිසුරු ආර්.කේ. අග්‍රවාල් හා විනිසුරු එම්. සත්‍යනාරායන් යන විනිසුරුවන් ඉදිරියේ මේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම පිළිබඳ වහාම වාර්තාවක් කැඳවන ලෙස මධ්‍යම රජයට නියෝග කළ විනිසුරුවන් දෙපළ වැඩිදුර විභාගය අගෝස්තු 05 වැනිදාට කල් තබා තිබේ.

රජීව් ගාන්ධි ඝාතනයේ පරීක්ෂණ පැවැත් වූ නිලධාරියකු ලෙස එම පරීක්ෂණවල හා නඩු විභාගයේදී හරිහැටි නොවිසඳුණු තැන් ඇතැයි පෙත්සමෙන් පෙන්වා දී ඇති මොහාන්රාජ් කේපී යනු ‘රහස් නිධානයක්’ බවත් ඔහු ඉන්දියාවට ගෙන්වා ප්‍රශ්න කිරීමට ඉන්දීය මධ්‍යම රහස් කාර්යාංශය නිසි පියවර නොගත් බවත් චෝදනා කර තිබේ. රජීව් ගාන්ධි ඝාතනය සඳහා කේපී අත්‍යවශ්‍ය පුද්ගලයෙක් බව දැන දැනම ශ්‍රී ලංකා රජය කේපීට විරුද්ධව කිසිදු චෝදනාවක් ඉදිරිපත් කර නැති බවත් ඔහුට නිදහසේ ඉන්නට සලස්වා ඇති බවත් සඳහන් කර ඇති ඔහු ඉන්දියාවේ සිදුවූ රුපියල් කෝටි 1336ක වංචාවක් පිළිබඳ කේපීගෙන් ප්‍රශ්න කළ යුතු බවත් සිය පෙත්සමේ සඳහන් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,049 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>