Ministers oppose moves to dilute 13A

 
sinhala– සිංහල
english

13 amendment     

“The Government will not receive a two thirds majority in Parliament for a revision of the provincial council system through a constitutional amendment,” Fisheries Minister Rajitha Senaratne told a news conference yesterday.

The Ministers said that there was a silent majority within the Government to defeat moves to dilute the powers of the provincial councils. Minister Senaratne was joined by his ministerial colleagues Prof. Tissa Vitharana, Vasudeva Nanayakkara, D.E.W. Gunesekera and Reginald Cooray in a  display of dissent within the ruling coalition at a press conference at the Lanka Sama Samaja Party Headquarters.

Speaking at a joint press conference, Senior Minister Prof. Vitharana  said that the 13th Amendment must be strengthened and not diluted.“In fact the 13th Amendment and provincial council powers should be strengthened further and not reduced,” he said.He said that if an attempt is made to abolish it then such an attempt will not receive a 2/3rds majority in parliament.

Dew Gunasekara said that a common consensus should be achieved by the two leading political parties, the Sri Lanka Freedom Party and the United National Party on arriving at a permanent solution to the national problem.

He has also pointed out the need to decentralize power in order to expand democracy and to make it more meaningful. He warned against the dangers of irking India over the moves to dilute the provisions of 13A that governed the provincial council system set up under the Indo-Lanka Accord of 1987.

Minister Vasudeva Nanayakkara said that the people in the north should be given the opportunity to elect their public representatives in freedom,and that the unitary nature of the state should be further consolidated making the provincial council system, more meaningful.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධන යටතේ යම් තීරණයක් ගැනීමට සිදුවෙනවා නම් ….

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධන යටතේ යම් තීරණයක් ගැනීමට සිදුවෙනවා නම් එදාට පවතින්නා වූ තත්ත්වය අනුව තීරණයක් ගැනීමට පසුබට නොවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක ජාතික භාෂා හා ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවැසීය. ඒ මහතා මෙසේ පැවැසුවේ ඊයේ (24) ලංකා සමසමාජ පක්ෂ කාර්යාලයේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය. පළාත් සභා ක්‍රමය සංශෝධනය කිරීමට 2/3 බලය අවශ්‍ය බවත්, එය ගැනීමට නම් වමේ පක්ෂ සහය අනිවාර්යයෙන්ම අවශ්‍ය බවත් ඒ මහතා කීවේය. අමාත්‍යවරයා මෙසේද කීය, හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ උතුරු පළාත් සභා මැතිවරණය පවත්වනවාට විරුද්ධ වන්නේ කාරණා දෙකක් නිසයි. ඔවුන්ගේ සිංහලවාදී අධිකාරිවාදී දේශපාලන දර්ශනය අනුව ඒ පළාතේ ඡන්දය ඉල්ලීමට නොහැකි වීම එක හේතුවක්. සිංහල බලයකට උතුරු නැගෙනහිර ප්‍රදේශ යටත් කර තබා ගැනීමත් ඔවුන්ට අවශ්‍යයි. මේ නිසයි හමුදා නිලධාරියෙක් උතුරේ ආණ්ඩුකාරයා වෙනවා දැකීමට කැමති. මහජන ඡන්දයෙන් තේරීපත් වන නියෝජිතයින්ට උතුරු පළාත පාලනය කිරීමට නොදී ඒ පළාතේ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කිරීමටයි මේ උත්සාහ කරන්නේ. අතීතයේ සිට සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්ද කුට්ටිය වෙනුවෙන් සූදු කෙළිය දේශපාලනඥයින් නිසා වන්දි ගෙව්වෙ රටේ ජනතාවයි. අදත් සිදුවෙමින් තිබෙන්නේ අතීතයේ සිදුවුණු ඒ ක්‍රියාවයි. බිල්ලන්ගේ බූත කතා මගින් සිංහල ජනතාවගේ කැමැත්ත ඩැහැ ගැනීමේ පරණ සූදුවම අදත් ක්‍රියාත්මක වෙනවා. ඉඩම් ‍පොලිස් ප බලතල සහිතව උතුරේ ඡන්දය පැවැත්වීමෙන් ‍ලේ හැලීමක් සිදුවිය හැකි බව කියා තිබුණේ එවැනි සැලසුමක් තිබෙන නිසාදැයි කිව නොහැකියි. ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් ‍‍‍ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ රට එක්සේසත් කර අවුරුදු 4ක් ගත වී තිබෙනවා. එක ලාංකීය ජාතියක් වශයෙන් ජාතික සමගිය ගොඩනැගීමේ කාර්යයටයි අපි උරදී සිටින්නේ. යුද ජයග්‍රහණයෙන් පසු ත්‍රස්තවාදය හා බෙදුම්වාදය පරාජය කරමින් යන සංවර්ධන ගමන සම්පූර්ණ වන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන් එක ජාතියක් ලෙස සමගිවීමෙන්. දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය වඩාත් ශක්තිමත් කර ක්‍රියාත්මක කළ යුතුයි. පළාත් සභා සුදු අලියෙක් බවට චෝදනා කළත්, දේශපාලන අධිකාරියට හා පළාත් පාලනයට වැය වන්නේ සියයට 7යි. සියයට 93ක් යොදවන්නේ සේවා සඳහායි. යම් යම් දූෂණ, අක්‍රමිකතා සිදුවෙන බව අපි පිළිගන්නවා. ඒවා මධ්‍යම ආණ්ඩුවෙත් තිබෙනවා. ඒ නිසා යහපාලනය ඇති කළ යුතුයි. යහපාලනයක් ඇතිකරන්න නම් ජනතාව හා නියෝජිතයින් දුරස් කළ මැතිවරණ ක්‍රමයයි වෙනස් කළ යුත්තේ. ලෝක වශයෙන් අපට හිතවත් ජන මතයක් ගොඩනගන්න පහසු වෙන්නේ පළාත් සභා ක්‍රමය වර්ධනය කර බලය බෙදාහැරීමෙන් පමණයි.

– ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා
ජාතිවාදය පරම්පරාවෙන් පරම්පරාවට එක එක යුගවල ජීවත් වූ සිංහල, දෙමළ දෙකොට්ඨාසයම ඉදිරියට ගෙන ආවා. 13වන සංශෝධනය හදිසියේ ගෙන ආවක් නොවෙයි. ඉතිහාසය පුරා සුළු හා ඔවුන්ගේ අයිතීන් පිළිගන්න මහජන ජාතීන්ගේ ඉල්ලීම් අනුවයි. මේ යුගය මහ ජාතිය සුළු ජාතිය හෝ ආගම් කුලවලට බෙදූ මිනිසෙක් බිහිවෙන යුගයක් නොවෙයි. ජේ.වී.පී.ය පළාත් සභා මැතිවරණයට ඡන්දය දුන්නොත් ඇඟිලි කපන බව කී යුගයක මහජනතාව ඡන්දය ප්‍රකාශ කළා. එයයි පළාත් සභාවලට පක්ෂ ජනමත විචාරය. එසේ නැතිව වසර 25ට පසු ජනමත විචාරණයක් පැවැත්වීම ලෝකයේ කොහේවත් සිදුනොවුණ දෙයක්.උතුරු නැගෙනහිර ප්‍රශ්නයට ගෙනා විසඳුම උතුරට දෙන්න එපා කීම උතුරට දුන්න කෑම පිඟාන බලෙන් කකා උතුරට බත් කටක් දෙන්න එපා කියනවා වගේ දෙයක්. ජේ.වී.පී.ය හෙළ උරුමය හෝ ජාතිවාදය ගැන කතා කරන කිසිවෙක්ව එල්.ටී.ටී.ඊ.ය මගින් මරා දැමුවේ නැහැ. එල්.ටී.ටී.ඊ.ය හා ජේ.වී.පී. ය එකතු වෙලා මරා දැම්මේ සුළු ජන වර්ග වෙනුවෙන් කතා කළේ වමේ නායකත්වයයි. එදා එල්.ටී.ටී.ඊ.ය තිබියදී පළාත් සභා මගින් බලය දුන්නොත් රට කැඩෙයි කියපු අයම අද එල්.ටී.ටී.ඊ.ය නැති නිසා බලය දෙන්න ඕනේ නැහැ කියනවා. මේ ආකාරයේ කැරැල්ලක් මර්දනය කිරීමෙන් පසු අඩුම ලංසුවක් සහිත බලයක් දුන්නේ ලංකාවෙයි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ‍ලේකම් අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා දහතුන්වන සංශෝධනය ජනතාවගේ කැමැත්තෙන් ගෙනා එකක් නොවෙයි කියන අයගෙන් අහනවා මොන සංශෝධනයද ජනතාවගේ කැමැත්තෙන් ගෙනාවේ කියලා. ජනතාව තුළ අනිසි බියක් ඇති කරන්නේ වැඩවසම් සංකල්ප මත ජීවත් වන අයයි. 1983 කළු ජූලිය වනතුරු ඉන්දියාව අපේ ප්‍රශ්නවලට මැදිහත් වුණේ නැහැ. එහිදී ලක්ෂ 7ක් රට හැර ගියා. ඉන් ලක්ෂ 3ක් ගියේ තමිල්නාඩුවට. තමිල්නාඩුව ඉන්දීය ප්‍රාන්තයක් නිසයි ඉන්දියාව මෙයට මැදිහත් වුණේ. ප්‍රභාකරන් මියයනතුරු ඉන්දියාව නිහඬ වුණා. ඒ නිහඬ වීම තුළ ඉන්දියාව යුද්ධයට වක්‍රව ආධාර කළා. අනෝන්‍ය සහයෝගිතාව නැතිව අපට පවතින්න බැහැ. මේ ප්‍රශ්නය විසඳාගන්න ප්‍රධාන දේශපාලන පක්ෂ විසඳුමකට එළැඹිය යුතු වුවත් පළාත් සභා ක්‍රමය ගෙනා එජාපය නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාද අදහස් දැක්වීය. මෙම අවස්ථාවට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර, සමාජවාදී ජනතා පෙරමුණේ ‍ලේකම් රාජා කොල්ලුරේ යන මහත්වරුද එක් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,600 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>