Attorney General indicts Gnanasara Thera

 
sinhala– සිංහල
english

gnanasara thero     

General Secretary of Bodu Bala Sena, Ven. Galagoda Aththe Gnanasara Thera, yesterday rejected 11 indictments filed by the Attorney General, for carrying out an attack on Calvary Church in Araliya Place, Thalahena. The Thera denied his involvement when the case was taken up for hearing by Colombo High Court Judge.

The indictments against the suspects included attacking the church, stealing a mobile phone worth Rs 15,000, stealing a gold chain worth Rs 50,000, assaulting people and being part of an unlawful assembly.

Giving evidence, the pastor of the church said, on 7 July 2008, Gnanasara Thera walked into the church and threatened him to stop the mass. He added, Gnanasara Thera addressed him using abusive words and assaulted him.  Answering the questions of the counsel representing the suspects, Nihal Gunasinghe, the pastor said he did not mention in his complaint that he was assaulted.

The judge put off the case till 7 July and ordered Gnanasara Thera to appear in Court on that day.

ඥනසාර හිමියන්ට එරෙහි නඩුව විභාගයට….

තලාහේන අරලිය පෙදෙසේ කල්වාරි දේවස්‌ථානයට පහරදී අලාභහානි කිරීම ඇතුළු චෝදනා 11 ක් යටතේ බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා හමුවේ ඊයේ (20 දා) විභාගයට ගන්නා ලදී.
අධි චෝදනා 11 ක්‌ යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ චෝදනාවන්ට තමන් නිවැරැදිකරුවන් බවට විත්තිකරුවන් ප්‍රකාශ කිරීමෙන් පසු නඩුව විභාගයට ගන්නා ලෙස නියම කළ විනිසුරුවරයා, පැමිණිල්ලේ පළමු සාක්‍ෂිකාර දේවස්‌ථානයේ දේවගැති රොෂාන් ඇන්ඩර්සන් මහතාගෙන් සාක්‍ෂි මෙහෙයවීමට අවසර ලබා දුන්නේය.

එහිදී දේවගැතිවරයා සාක්ෂි දෙමින් කියා සිටියේ, තමන් එදින පූජාව පවත්වමින් සිටියදී පූජ්‍ය ඥාණසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් පැමිණ පූජාව නවත්වන ලෙස තර්ජනය කළ බවත් පසුව දේවගැතිවරයා කවුරුන්ද යන්න විමසා අසභ්‍ය වචනයෙන් බැණ වැදී උදරය ප‍්‍රදේශයට පහරදුන් බවත්ය .එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා හරස් ප‍්‍රශ්න විමසූ අතර, ඔහු සඳහන් කළේ මෙම පහරදුන් ප‍්‍රකාශය පොලිසියට දුන් කටඋත්තරයේ නොමැති බවයි. විත්තිකරුවන්ව නඩුවකට පැටලවීමට අවශ්‍ය නොවන බවත්, සිදුවු අසාධාරණයට සාධාරණයක් ඉටුකර ගැනීම තම අරමුණ බවත් මෙහිදී දේවගැතිවරයා පැවසුහ.

මෙහි චෝදනා ලැබ සිටින විත්තිකරුවන් වන්නේ එස්‌. ඒ. අතුල සෙනෙවිරත්න, ඩබ්ලිව්. එම්. සුදුබණ්‌ඩා, එම්. තමරා බ්‍රියට්‍රිස්‌, ඒ. කේ. ඩෙන්සිල් ප්‍රේමකුමාර, ඩී.එස්‌.පී. කඳනආරච්චි, ටී.කේ. සෝමදාස, ඊ.එම්. වික්‌ටර් රත්නායක, කේ.ඩබ්ලිව්. කරුණානන්ද, ඊ.එම්.එච්. රත්නායක, අත්තරගම ඥනවිමල හිමි, ගලගොඩඅත්තේ ඥනසාර හිමි, අගුල්ගල්ලේ ජිනානන්ද හිමි සහ ධනුෂ්ක සංජීව යන අයයි. 2008 ජුලි 07 දා තලාහේන අරලිය පෙදෙසේ පිහිටි කල්වාරි දේවස්‌ථානයට පහරදී දේපළකට අනර්ථ සිදුකිරීම, එහි පදිංචිව සිටි පුද්ගලයන් තිදෙනකුට පහරදී තුවාල සිදු කිරීම සහ ඔවුන් සතුව තිබූ රුපියල් පහළොස්‌ දහසක්‌ වටිනා ජංගම දුරකථනයක්‌ හා රුපියල් පනස්‌ දහසක්‌ වටිනා රත්‍රන් මාලයක්‌ කොල්ල කෑම ආදී චෝදනා 11 ක්‌ යටතේ විත්තිකරුවන්ට එරෙහිව මෙහි නඩු විභාගය පැවැත්වේ. මෙම නඩුව යළිත් ජුලි 11 වැනිදා කැඳවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,066 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>