DIG Vaas Gunawardena arrested

 
sinhala– සිංහල
english

police       

Deputy Inspector General of Police (DIG) Vaas Gunawardena has been arrested over the abduction and murder of a 35-year-old businessman Mohammed Shyam, involved in the footwear industry residing at Sagara Road in Bambalapitiya .

Police Spokesman SP Siriwardane said the CID interrogated the police officer last evening over the incident. Last week too DIG Gunawaradane was questioned by the CID over the same issue and three police officers were taken into custody in connection with the murder.

The DIG was arrested by the Criminal Investigations Department after he was extensively questioned this evening over the incident.
A police Sub Inspector (SI) and two other policemen were arrested last week over the same murder.

Meanwhile the fundamental rights application filed by Nipuna Dhanushka Ramanayake of the Sri Lanka Institute of Information Technology (SLIIT) against DIG Gunawardena, his son Ravindu Gunawardena and wife Shyamali P. Perera and others is to be taken up before the Supreme Court today (11).

නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අපරාධ…

බස්නාහිර පළාත් උතුරභාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත‍්‍රි අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියා සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් තවදුරටත් ඒ මහතාගෙන් ප‍්‍රශ්න කරන බවයි.ඊයේ දිනයේද පැය 10ක ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාස් ගුණවර්ධන මහතාගෙන් ප‍්‍රශ්න කර තිබේ.පසුගිය 6 වන දින බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරනු ලැබිය.
ඒ, පසුගිය මස 22 වන දින බම්බලපිටිය ප‍්‍රදේශයේ මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු පැහැර ගෙන ගොස් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට අනුයුක්තව සේවය කරන තවත් පොලිස් නිලධාරින් සිව් දෙනෙකු පසුගිය 6 වනදා අත්අඩංගුවට ගනු ලැබිය.
ඒ අතර උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකුද වේ. ඊට අමතරව, තවත් සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු ද කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබිය. එම සැකකරුවන් සියලූදෙනා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටින බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,361 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>