Catholic Bishops call for new Constitution

 
sinhala– සිංහල
english

clergy

The Catholic Bishops Conference in Sri Lanka (CBCSL) has called upon the government not to amend the 13th Amendment to the Constitution or repeal it but to discuss it with all parties to bring about a totally new Constitution.

A statement issued to media yesterday signed by President of the CBCSL, Malcolm Cardinal Ranjith and Secretary General of the CBCSL, Bishop Valence Mendis, says: “What is needed is the proper study and careful consideration of all factors along with a broad-based consultation of the different political parties and civil society groups before any changes are to be made.”

The statement in full: We have learned through the National Media that there is an intense debate going on with regard to the 13th Amendment of the National Constitution. This amendment provides for the devolution of power to the provinces and has been in effect over the last two decades. There have been a few examples of tension with regard to the use of devolved authority, but by and large the system has allowed greater participation of people in the matter of governance.

Even if this systems may not be perfect, it is our contention that at this moment when Sri Lanka is striving to make permanent the hard won peace_ after a 30 year conflict, pondering upon this constitutional provision, may lead to over centralization of authority and to international meddling in the internal affairs of this country. Essentially the problem in the North is a National question for which the solution is to be found by the local political leadership of both the Sinhala and the Tamil communities. What is needed is the proper study and careful consideration of all factors along with a broad based consultation of the different political parties and civil society groups before any changes are to be made. We are not convinced that this is happening.

It is also our contention that instead of tinkering with continued amendments to the Constitution, it is time for us to think about a totally new Constitution which is fair by all communities and all political and social forces and helps to bind people together while respecting diversity. For this reason, we the Catholic Bishops would request the Government not to proceed with the proposed amendment to the 13th amendment or to its total repeal but to discuss with all parties, specially through the Parliamentary Select Committee, and think about a totally new Constitution which would guarantee justice, peace and true prosperity for all citizens of this country irrespective of ethnic, religious or social differences. In that respect it is only fair that the Provincial Council election in the North be held as scheduled according to the 13th Amendment and later study the possibility of a new Constitution.(The Island)

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විශේෂ නිවේදනයක්‌….

පළාත් සභා ක්‍රමය සර්ව සම්පූර්ණ නොවූවත් මෙම අවස්‌ථාවේදී එය වෙනසකට බඳුන් කිරීමෙන් සිදුවන්නේ අසීරුවෙන් ලබාගත් සාමය යළි අස්‌ථාවර වීම බවත්, නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා කල්පනා කර බැලුමට කාලය උදා වී ඇතැයි ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ මහ ලේකම් අති උතුම් වැලන්ස්‌ මෙන්ඩිස්‌ රදගුරු හිමිපාණන්ගේ අත්සනින් යුක්‌තව නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය මූලික කොටගෙන තියුණු ස්‌වරූපයේ විවාදයක්‌ ජාතික මාධ්‍ය හරහා දියත් වී ඇති සෙයක්‌ මේ දිනවල අපි දකින්නෙමු. පුරා දශක දෙකකට වැඩි කාලයක්‌ තුළ බලාත්මක වූ මේ ව්‍යවස්‌ථා සංශෝධනය පළාත් තුළ බලය විමධ්‍යගත කිරීම තුළින් රාජ්‍ය පාලනය සඳහා ඉමහත් සේ ඉවහල් වී ඇති බව පෙනී යයි.එහිදී බල අධිකාරිය අරබයා යම් චංචල සිදුවීම් තැනින් තැන ඇති වී තිබුණ ද සමස්‌තයක්‌ හැටියට විමධ්‍යගත බල තුලනය මත ජනතාවට පාලන තන්ත්‍රය හා සම්බන්ධ වීමට අවකාශ සැලසී තිබිණි.මෙම පළාත් සභා ක්‍රමවේදය සර්ව සම්පූර්ණ නොවුවත්, මේ අවස්‌ථාවේ එය වෙනසකට භාජන කිරීම අවුරුදු 30 ක කාල පරාසයක්‌ තුළ තිබූ යුදමය තත්ත්වයෙන් මිදී අසීරුව ලබාගත් සාමය නැවත වරක්‌ අස්‌ථාවරත්වයක්‌ කරා ගෙන යැමට තුඩු දෙනු ඇත.

එමෙන්ම එවන් වෙනස්‌කම් ඇති කිරීම විමධ්‍යගත බල අධිකාරි ව්‍යුහයක් කරා නැවත යොමුවීමක්‌ සිදුකරන අතර දේශයේ අභ්‍යන්තර කරුණු කාරණා මුල්කොටගෙන අනිසි ජාත්‍යන්තර බලපෑම් ද ඇති කිරීමට ඉඩකඩ සලසනු ඇත.නමුත් අවශ්‍යයෙන්ම විය යුත්තේ උතුරේ ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක්‌ සේ සලකා දේශයේ සිංහල හා ද්‍රවිඩ දේශපාලන නායකයන් එයට අවංක පිළිතුරක්‌ සපයා ගනු සඳහා ඒකරාශි වීමයි.එම නිසා අවශ්‍ය වන්නේ එවන් විධිවිධාන ගෙන ඒමට පෙර විධිමත් අධ්‍යයනයක්‌ හා අදාළ සියලු කරුණු කාරණා සියුම් ලෙස සලකා බැලීමත්, සියලු දේශපාලන පක්‍ෂවලින් හා සිවිල් සමාජ සංවිධානවලින් පුළුල් ලෙස තොරතුරු විමසා බලා අවශ්‍ය පියවර ගැනීමත්ය. නමුත් එවැන්නක්‌ සිදු නොවන බව අපට පෙනී යයි.එලෙසම අප සිතනුයේ විවිධ සංශෝධන හා විධි විධාන පවත්නා ව්‍යවස්‌ථාවට වරින්වර අමුණාලීම, නිශ්ඵල ව්‍යායාමයක්‌ බවයි.

නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා කල්පනා කර බැලුමට කාලය උදා වී ඇති සෙයක්‌ හැඟේ. සියලු ජාතීන්ගේ සංකලනයෙන් හා සමාජ බලවේගවල සහයෙන් විවිධත්වය ගරු කරමින් එකට රොද බැඳෙන ජනතාවක්‌ සේ සියලු දෙනා හරි සමානාත්මතාවයෙන් සලකන ව්‍යවස්‌ථාවක්‌ අද නිර්මිත විය යුතුව ඇත. මේ කරුණු මුල්කොටගෙන ශ්‍රී ලංකා කතෝලික රදගුරුතුමන්ලා රජයෙන් ඉල්ලා සිටිනුයේ 13 වැනි සංශෝධනයට යෝජිත අන් සංශෝධන බලාත්මක කෙරුමට හෝ එකී සංශෝධනය ඉවත් කෙරුමට කටයුතු නොකරන ලෙසයි.එමෙන්ම පාර්ලිමේන්තු තේරීම් කමිටුව හරහා ක්‍රියාත්මකව සියලු දේශපාලන පක්‍ෂ හා සාකච්ඡා අරඹමින් ජාතිය, ආගම හා සමාජ විවිධත්වය නොසලකන සියලු ජාතීන් හට සෞභාග්‍යය උදාකරනු වස්‌ සාධාරණත්වය හා සාමය තහවුරු කෙරෙන නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා කටයුතු සම්පාදනය කරන ලෙසයි.එනයින් බලා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අනුකූලව දැනට නියමිත උතුරේ පළාත් සභා ඡන්දය පවත්වා පසුව නව ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය කිරීම සඳහා ඇති හැකියාව විමසා බැලීම යහපත් බව පවසන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,497 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>