37 groups come-together against 13A

 
sinhala– සිංහල
english

13 amendment     

37 national organizations, predominantly Sinhala Buddhist ones have united to form a group called the National Unity to Oppose Provincial Councils. The Jathika Hela Urumaya (JHU), hopes to cause a social revolution introducing a national agitation campaign to build public opinion against the Provincial Councils and also to pressurize Parliament to abolish the Provincial Council system altogether.

Some of the criteria and issues the new Sinhala movement will campaign against and which has received the attention of the movement will be the land and police powers from the Provincial Councils, draft legislations and requiring the approval of the Provincial Councils and the provisions for merging two Provincial Councils. This is done so that the Tamil dominated North and Eastern provinces will not merge.

A spokesman for the movement also said, the target will be to bring in 5,000 Buddhist monks and 20,000 laypersons to the first meeting to be held in Colombo, which will also send a message to the politicians as to how keen the Buddhist clergy are to abolish the Provincial Councils to give any rights to Minority in the country.

පළාත් සභා අහෝසි කිරීමේ සටන…

පළාත් සභා අහෝසි කිරීමේ සටන ශක්තිමත් කරමින් සමාජය තුළ දේශපාලන රැල්ලක් ඇතිකොට එමඟින් පාර්ලිමේන්තුවට බලපෑමක් ඇතිකිරීම නව එකමුතුවේ අරමුණ බව කැඳවුම්කරු වන ජාතික හෙළ උරුමය පවසයි.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් පළාත් සභාවලට ලබාදී ඇති බලතල කප්පාදු කිරීමට අදාළ ප්‍රතිඥාවක්ද එම සංවිධාන විසින් ලබාදී ඇති අතර දිවයින පුරා ප්‍රධාන නගරවලදී පළාත් සභා විරෝධී මහජන රැලි පැවැත්වීමටද ඒකමතිකව තීරණය කර ඇත. ශ්‍රී ලංකා බෞද්ධ සම්මේලනය, බෞද්ධ කාන්තා සම්මේලනය, බොදු බල සේනා, සිහළ රාවය, රාවණා බලය ජාතික සංඝ සම්මේලනය, දේශප්‍රේමී භික්‍ෂු පෙරමුණ ඇතුළු සංවිධාන මෙන්ම දේශීය ව්‍යාපාරික ආයතන ප්‍රධානීහු සහ විද්වත්හු රැසක්ද මෙම එකමුතුව පිහිටුවා ගැනීමේ අවස්ථාවට සහභාගි වී සිටියහ. කොළඹ කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයේදී පසුගිය 6 වැනිදා මෙම ජාතික එකමුතුව පිහිටුවාගත් අතර අතුරලියේ රතන හිමි සහ උදය ගම්මන්පිල යන ජාතික හෙළ උරුමයේ නායකයෝ මෙහි මූලිකත්වය ගෙන කටයුතු කළහ.

පළාත් සභා සතු පොලිස් බලතල ඉවත් කිරීම, ඉඩම් බලතල ඉවත් කිරීම, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පත්වලට පළාත් සභා අනුමැතිය අවශ්‍යය යන්න ඉවත් කිරීම, පළාත් සභා ඒකාබද්ධ කිරීම වැළැක්වීම යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමුකෙරිණි. පළාත් සභා විරෝධී මහජන රැළි මාලාවේ පළමුවැන්න භික්‍ෂුන් වහන්සේ 5,000කගේ හා 20,000ක මහජනතාවගේ සහභාගිත්වයෙන් මේ මස අවසානයේදී කොළඹදී පවත්වා මේ පිළිබඳ සමාජයේ ඇති උනන්දුව දේශපාලනඥයන්ට පෙන්වා දීම තමන්ගේ අරමුණ බව පළාත් සභා විරෝධී ජාතික එකමුතුවේ ප්‍රකාශකයෙක් ‘මව්බිම’ට පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

171,238 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>