LTTE hidden 1000 kg explosives in Colombo

 
sinhala– සිංහල
english

explosives       

Police have launched an extensive search operation to locate two powerful bombs, weighing 500 kg each, reportedly smuggled by the LTTE and believed to be concealed in the city of Colombo, after a detained LTTE cadre disclosed the smuggling of the deadly stockpile of weapons and explosives.

The police inquiry and the search operation were launched after LTTE cardre, Balasubramaniam Rajendra Kumar, made the disclosure in a written submission to the Assistant Superintendent of the Welikada Prison.

The suspect, in his written submission, has revealed he had been part of a mission to smuggle in two bombs, 500 kg each, two CMG light machine guns, nine automatic pistols, seven T-56 firearms, 3,500 live ammunition and Rs 10 million in money. The suspect has four impending cases against him in the Magistrate’s Courts of Attanagalla and Gampaha.

Subsequent to his disclosure, the Terrorist Investigation Division (TID) sought permission from the Colombo Chief Magistrate, to handover the suspect to the Security Forces for three days, in order to identify the location where the stockpile could have been concealed.

Additional Magistrate, directed the Prison Authorities to hand over the suspect to the TID, under the supervision of prison officials.

කොළඹට ගෙනා ටොන් එකක බෝම්බයක් සොයයි…

එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මක ව පැවැති සමයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට මහා විනාශයක් සිදු කිරිමට ගෙන්වා සඟවා ඇති, මෙතෙක් හමු නොවු ටොන් එකක් බරැති අධිබලැති බෝම්බය සොයා ගැනීම සදහා රක්ෂිතබන්ධනාගාර ගත ව සිටින එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායක බාලසුබ්‍රමනියම් රාජේන්ද්‍ර කුමාර් නැමැත්තා කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය වෙත මුදා හරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිරෝෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (04) කොළඹ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය. මේ බෝම්බය සමඟ ටී 56 ගිනි අවි 7ක්, ස්වයංක්‍රිය පිස්තෝල 9ක්, එල් එම් ජි වර්ගයේ ගිනි අවි 3ක්, ටී 56 පතරෝම් 3500ක්, මුදල් ලක්ෂ 100ක, ලක්ෂ 80ක් වටිනා චෝක්ලට් බන්ඩල් දෙකක් ද කොළඹ ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක සඟවා ඇති බවට තොරතුරු අනාවරණය වි ඇති බව පැවසු කොළඹ ත්‍රස්ත විමර්ශන අංශය ඒවා සොයා ගැනිම සදහා එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සමාජිකයා දින තුනකට තමා වෙත මුදා හරින ලෙසට අධිකරණයෙන් ඉල්ලීම කරනු ලැබිය.

එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ නායකයකු යයි කියන බාලසුබ්‍රමනියම් රාජේන්ද්‍ර කුමාර් නැමැත්තා වවුනියාවේ පදිංචිකරුවෙකි. ගම්පහ අත්තනගල්ල අධිකරණවල පවතින නඩු හතරක් සම්බන්ධයෙන් දැනට කොළඹ මැගසින් බන්ධනාගාරගතව සිටින මෙම එල්.ටී.ටී.ඊ. සැකකරු අදළ පුපුරණ ද්‍රව්‍ය, ගිනිඅවි හා මුදල් ආදිය සඟවා ඇති ස්ථාන ගැන දන්නා බව පැවසු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, එල්.ටී.ටී.ඊ. සංවිධානය ක්‍රියාත්මකව පැවැති සමයේ එහි බුද්ධි අංශයේ ක්‍රියාකාරි සමාජිකයෙකු ලෙස මොහුගේ දැනුවත් විම මත මේ භාණ්ඩ සඟවා ඇති බව පැවසීය. තවද මේ සැකකරු විසින් ගිනි අවි, පුපුරණ ද්‍රව්‍ය හා මුදල් සැඟවු ස්ථාන සම්බන්ධයෙන් කරුණු දන්නා බවට බන්ධනාගාර අධිකාරිවරයාට ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇති බව පැවසු කොළඹ ත්‍රස්ත විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රසන්න ද අල්විස් මහතා, ඒකි ද්‍රව්‍ය සඟවා ඇති ස්ථාන ඔහු ලවා හදුනා ගත යුතු ව ඇතැයි පැවසිය.

තවද මේ කටයුත්ත සදහා සැකකරු දින තුනක කාලයක් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අවශ්‍ය බව පැවසු ස්ථානාධිපතිවරයා අපරාධ නඩු විධාන සංග්‍රයේ 115 (4) වගන්ති ප්‍රකාරව නියෝගයක් නිකුත් කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. මීට අමතරව නම් කරනු ලැබු උප පොලිස් පරික්ෂකවරයෙකු සමඟ සැකකරු බන්ධනාගාර ආරක්ෂාව යටතේ බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ලබා‍ දෙන ලෙසට ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් මේ ඉල්ලීම කළේය. අදාළ කරුණු සළකා බැලු මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර ආරක්ෂාව යටතේ සැකකරු දින තුනක කාලයකට බන්ධනාගාරයෙන් පිටතට කැඳවා ගෙන ගොස් අදාළ ස්ථාන හදුනා ගැනීමට සියලු පහසුකම් සලසා දෙන ලෙසට කොළඹ බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

168,455 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>