Referee is found guilty for Royal players walking out

 
sinhala– සිංහල
english

rugby referee      

The Disciplinary Committee of the Sri Lanka Schools Rugby Football Association (SLSRFA)  announcing the the inquiry findigs on the controversial inter-school Under 20 rugby encounter between Royal College and Isipathana College said try which Isipathana scored in a controversial manner will not be counted and the final result of this match will be a 20 all draw.

The investigation was conducted following the complaint lodged by the Royal College against the Isipathana College.The committee has reportedly observed the video footage of the match at Kingswood College Auditorium prior to concluding the inquiry.

The committee has informed the Principal of Isipathana College A.C Perera to take disciplinary actions against 3 Isipathana players who assaulted the Royal players.

Royal coach Bilal Yusuf and Royal captain Rimzi Jamaldeen who were involved in ordering the players to walk out were warned not to engage in such action again.

The Sri Lanka Society of Rugby Football Referees suspended, referee Pradeep Fernando for one year with finding him guilty of poor refereeing during the match. The two touch judges Dimithri Gunasekara and Mahesh Senanayake were also suspended for two weeks.

අන්තර් පාසල් වයස අවුරුදු 20න් පහළ රගර් තරගාවලියේ…

අන්තර් පාසල් වයස අවුරුදු 20න් පහළ රගර් තරගාවලියේ රාජකීය හා ඉසිපතන විදුහල් අතර පසුගියදා රාජකීය විදුහල් පිටියේ පැවැති තරගයේ ලකුණු තත්ත්වය 20-20ක් ලෙස සමකොට ජයපරාජයෙන් තොර තරගයක් ලෙස නම් කිරීමට පාසල් රගර් විනය කමිටුව තීරණය කර තිබේ.ඒ අනුව දෙපිලටම ප්‍රසාද ලකුණු 2.5 බැගින් ලබාදී ඇත.මේ තරගය ගැන රාජකීය විදුහල යොමුකළ විරෝධතාව පිළිබඳ පරික්ෂණ කළ විනය කමිටුව අදාල තීන්දුව දී තිබේ.පසුගියදා කිංග්ස්වුඩ් විදුහල් ශාලාවේ දී දෙවැනි වරටත් රැස්වූ පාසල් රගර් සංගමයේ විනය කමිටුව අදාල තරගයේ වීඩියෝ පට නිරික්ෂණය කිරීමෙන් පසුව මේ තීරණයට එළැඹි බවද පැවසේ.
මේ අතර, රාජකීය විදුහලේ ක්‍රීඩකයන්ට නීතිවිරෝධි අයුරින් පහර එල්ල කළ ඉසිපතන විදුහල් පිලේ ක්‍රීඩකයන් තිදෙනකුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස ඉසිපතන විදුහල්පති ඒ.සී.පෙරේරා මහතාට දන්වා ඇති බවද පැවසේ.තරගය නිමාවට පෙර සිය කණ්ඩායම පිටියෙන් ඉවත්කරගත් රාජකීය විදුහල් කණ්ඩායම් නායක රිම්සි ජමාල්දීන්ට හා එහි පුහුණුකරු බිලාල් යූසුෆ් මහතාට ඉදිරියේ දී එවැනි නීතිවිරෝධි කටයුතු ‍‍නොකරන ලෙස අවවාද කර ඇතැයි වාර්තා වේ.

මතභේදයට තුඩුදුන් එම තරගය නිමාවීමට මිනිත්තු 20ක් පමණ තිබියදී රාජකීය විදුහල් පිල පිටියෙන් ඉවත්වනවිට ඉසිපතන විදුහල ලකුණු 27-20ක් ලෙස ඉදිරියෙන් සිටියේය.තරගය අතරතුර දී රාජකීය විදුහල් ක්‍රීඩකයන් කීපදෙනකු තුවාල ලබා සිටි අතර ඔවුන් ප්‍රතිකාර සඳහා පසුව රෝහල් ගතකළ බව ද වාර්තා විය.පසුව රාජකීය විදුහල් කණ්ඩායම තරගය සම්බන්ධව පාසල් රගර් සංගමයට විරෝධතාවක් ඉදිරිපත් කර තිබිනි.කෙසේවෙතත් අදාල තරගයේ විනිසුරු කටයුතු සම්බන්ධව පරික්ෂණයක් කළ රගර් තරග තීරකවරුන්ගේ සංගමය දුර්වල තරග විනිශ්වය හේතුවෙන් එම තරගයේ ප්‍රධාන තරග තීරකවරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් ප්‍රනාන්දු මහතාට වසරක තරග තහනමක් සහ පැති විනිසුරුවන් ලෙස කටයුතු කළ දිමිත්‍රි ගුණසේකරට හා මහේෂ් සේනානායකට සති දෙකක තරග තහනමක් පැනවීමට කටයුතු කළේය.පාසල් රගර් සංගමයේ සභාපති රංජිත් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පාසල් රගර් විනය කමිටුවට ත්‍රිත්ව විදුහල්පති බ්‍රිගේඩියර් උදය ආරියරත්න, පානදුර රාජකීය විදුහල්පති සරත්චන්ද්‍ර සිල්වා මහත්වරු ඇතුලත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

178,642 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>