Vijitha Herath to SC against AG appeal

 
sinhala– සිංහල
english

Shirani      

JVP MP Vijitha Herath  complained to the Supreme Court yesterday that the Attorney General, who was not a party in the Court of Appeal Writ Application by the former Chief Justice, Dr. Shirani Bandaranayake, had filed an appeal in the Supreme Court against the Judgment of the Court of Appeal, in respect of the Writ Application.

The respondent, Yapa, had not received any papers, including the petition, affidavit of annexure pertaining to the ‘instant’ appeal. The Supreme Court had granted leave to appeal to the AG, ex-parte, Yapa’s motion said.

Hence, the order granting special leave to appeal had been made in per incuriam, in violation of the principles  of natural justice and it should be set aside.

ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා…

43වන අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්‌ඩාරනායක මහත්මිය දෝෂාභියෝග චෝදනා දෙකකට වැරදිකාරිය බවට තීරණය කර පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව නිකුත් කළ වාර්තාව අවලංගු කරමින් අභියාචනාධිකරණය ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවට එරෙහිව ඇපෑලක්‌ ඉදිරිපත් කිරීමට නීතිපතිට අයිතියක්‌ නැතැයි ජ.වි.පෙ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (22) එම නඩුවට විරෝධතා ගොනු කළේය. නීතිපතිවරයා එම නඩුවේ පාර්ශ්වකරුවකු නොවන බැවින් නඩු තීන්දුවට කිසිදු ආකාරයකින් අභියෝග කිරීමට ඔහුට නෛතික අයිතියක්‌ නැතැයි ද ඒ නිසා ඔහුගේ ඇපැල් පෙත්සම විභාග කරන්නේවත් නැතිව ඉවත දැමිය යුතු යෑයිද හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුකර ඇති විරෝධතාවේ සඳහන් කර ඇත.විජිත හේරත් මහතා එම නඩුවේ 12 වැනි වගඋත්තරකරු වේ. අතරමැදි පාර්ශ්වකරුවකු වශයෙන් ඔහු නඩුවට සම්බන්ධ වෙමින් ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාව අවලංගු කරන ලෙසයි.

අභියාචනාධිකරණ නඩු තීන්දුවකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්‌ ගොනු කරන විට ඇපැල් පෙත්සමේ හා දිවුරුම් පෙත්සමේ පිටපතක්‌ ද නොතීසියද ඊට අමුණා ඇති සියලුම ලියවිලිවල පිටපත්ද නඩුවේ සෑම පාර්ශ්වකරුවකුට යෑවිය යුතු වේ.ශ්‍රේෂ්ඨාධිකරණ නීති රීතිවලට අනුව ඇපෑලක්‌ ගොනු කරන සෑම පුද්ගලයෙකු විසින්ම එය පිළිපැදිය යුතු වුවත් නීතිපතිගේ ඇපෑලේ ලියවිලි කිසිවක්‌ මේ දක්‌වා තමාට එවා නැති බවත් ඒ හේතුව මතද නීතිපතිගේ ඇපෑල ඉවත දැමිය යුතු බවත් හේරත් මහතා විරෝධතාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත.නීතිපතිගේ ඇපැල් පෙත්සම ලබන 29 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමට නියමිතය.තමා සිය නීතිඥවරු මගින් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින බවද හේරත් මහතා සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

178,474 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>