Rohana Wijeweera ‘s daughter arrested

 
sinhala– සිංහල
english

wijeweera     

Janatha Vimukthi Peramuna (JVP) founder Rohana Wijeweera s daughter Easha was arrested  after she was alleged to have assaulted her mothers and brother, Police said. Police Headquarters said the incident took place on Saturday night at their home located inside the Welisara Navy Camp.

Mr. Wijeweera s widow Srimathi had lodged a complaint with the Mahabage police, and their 32-year-old daughter was arrested last morning and produced before the Wattala Magistrate who remanded her till June 3.

Following the death of Rohana Wijeweera his family including four daughters and two sons were at the Trincomalee China Bay camp and a  few years later they were sent to Welisara.

Since the death of Mr.Wijeweera his family has been looked after and maintained by the state.

රෝහණ විජේවීර මහතාගේ දියණිය….

රෝහණ විජේවීර මහතාගේ දියණිය කුඩා කළ මුහුණ පෑමට සිදුවු සිදුවීම් නිසා මානසික රෝගයකට ගොදුරුවීමේ අවධානම අධික බව මනෝ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් මහතා අනුමාන කරයි. බොහෝ දරුවන්ට ගර්භණී සමයේ ඇතිවන බලපෑම් සහ කුඩාකළ මුහුන දෙන්නට සිදුවන සිදුවීම් පසු කලක මානසිකතවයට බලපෑමේ අවධානම අධික බව වෛද්‍ය ජයන් මෙන්ඩිස් මහතා සදහන් කළේය.(වර්ෂ 1988 -1989 සමයේ කුඩා දැරිවියක්ව සිටි ඇයට එම සමයේදී සිය පියා හා සම්බන්ධ පරිසරය තුළ ඇතිවුයේ යහපත් වාතාවරණයක් නොවේ.) රෝහණ විජේවීර මහතාගේ දියණියක වන ඊෂා විජේවීර මෙනවිය සිය මවට සහ සොහොයුරකුට දරුණු ලෙස පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන පසුගියදා (20 )වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඇයගේ මානසිකත්වය පිලිබද වාර්තාවක් කැදවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මේ අනුව ඊෂා විජේවීර ලබන ජුනි මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද පසුගියදා (20) වත්තල මහෙස්ත‍්‍රාත්වරයා නියෝග කළේය.
තමාට සහ තම පුත්‍රයාට පහරදී සපා කා හිරිහැර කළ බවට රෝහණ විජේවීර මහතාගේ බිරිය වන චිත්‍රාංගණි විජේවීර මහත්මිය මහබාගේ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ඊෂා විජේවීර මෙනවිය අත්අඩංගුවට ගැණින.
මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ නීතිඥ සහායක් පවා ලබා නොගෙන කලහකාරි ලෙස හැසිරී ඇති ඇයව මෙම අධිකරණ නියෝගයට අනුව මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට රැගෙන විත් ඇතැයි බව වාර්තා වෙයි.පසුව බන්ධනාගාර රෝහලට රැගෙන ගිය ඊෂා අධිකරණ නියෝගය අනුව එදිනම පස්වරුවේ මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කිරීමට බන්ධනාගාර බලධාරීහු කටයුතු කළහ.
වර්ෂ 1989 රෝහණ විජේවීර මහතා ඝාතනයට ලක්වීමෙන් පසුව ඔහුගේ බිරිය සහ දරුවන් සය දෙනා වැලිසර නාවුක හමුදා භාරයේ පසුවූ අතර එක් දියණියක් මේ වන විට විවාහකය..මෙම ඊෂා දියණිය යම් මනසික රෝගී තත්වයකින් පෙළෙන බවට මීට පෙරද වාර්තා වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,007 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>