LTTE supporter and arms procurer says he regretted supporting LTTE leader Vellupillai Prabakaran

 
sinhala– සිංහල
english

Arms procurement 

  Making a statement in courts on 10th May, Gunasundaram Jeyasundaram a onetime LTTE supporter and arms procurer said that he profoundly regretted supporting the LTTE leader and denounced him and his violent behaviour.

G. Jeyasundaram was taken into custody by the Terrorist Investigations Division on 05th September 2007. Investigations had revealed that he had contacts with the slain terrorist leader from his school days and had procured weapons for the terrorist outfit.

The Irish passport holder had even purchased a ship for the terrorists. Court was adjourned till 16th May with the accused voluntarily disclosing his willingness to undergo rehabilitation.

Making the statement Jeyasundaram said that terrorists’ are the worst violators of human rights. Today these terrorist leaders are masquerading as human right champions. Hhe urged others in his community especially those living abroad to denounce all violence and reject extremist ideologies and embrace the new peaceful Sri Lanka.

He said he operated two companies in Singapore namely Jeyapack and Harrie Merchant which were used to channel funds to and from the LTTE organization from various countries including  Switzerland, Canada and Singapore. He said that he had purchased a merchant vessel by the name of MV Fenshun 7 through his company Harrie Merchant to be used by LTTE for illegally transporting weapons and ammunition to be used by LTTE

He requested LTTE factions abroad, V.Rudrakumaran in the US, father SJ Emmanuel in the UK, and Perinpanayagam Sivaparan, Alias Nediyawan in Norway to immediately cease their actions as they are doing more harm to the Tamil community living in Sri Lanka.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ….

එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ පාසල් අවධියේ සිට මිතුරෙකු වූ ගුණසුන්දරම් ජෙයසුන්දරම් නැමැත්තා විසින් අධිකරණය හමුවේ පාපොච්චාරණයක් සිදුකර තිබේ. 2007 වසරේ සැප්තැම්බර් මස 05 වැනිදින ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු අයර්ලන්ත පුරවැසිභාවය ලැබූ අයෙකු වන අතර සිංගප්පූරුව සහ මැලේසියාව යන රටවල සිට එල්.ටී.ටී.ඊ. සංවිධානයට යුද උපකරණ විශාල වශයෙන් සැපයූ අයෙකු බව සඳහන්ය. සැකකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පැවති නඩුව පසුගියදා විභාගයට ගත් අවස්ථාවේ තමා පිළිබඳව සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බව සැකකරු ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව සැකකරුට ඒ සඳහා අවස්ථාව ලබා දී ඇති අතර එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමග පාසල් කාලයේ සිටම හිතවත්කම් පැවැත්වූ බවත් ඔහුගේ ත්‍රස්තවාදී සංවිධානයට ක්‍රියාකාරී ලෙස සහය දැක්වූ බවත් සැකකරු අධිකරණය හමුවේ අනාවරණය කළ බව පොලීසිය පැවසුවේය. 2003 වසරේ සිට 2007 වසර දක්වා එල්.ටී.ටී.ඊ. සංවිධානයට අවශ්‍ය යුද උපකරණ මිලදීගෙන වන්නි ප්‍රදේශයට බෙදාහැරීමට කටයුතු කළ බව ද සැකකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත. සිංගප්පූරුව තුළ සමාගම් දෙකක් පවත්වාගනිමින් එල්.ටී.ටී.ඊ. සංවිධානයට මුදල් එක්රැස් කිරීමේ කටයුතු සිදුකළ අතර ත්‍රස්තවාදී සංවිධානයකට සහයදීම හේතුවෙන් 1985 වසරේ දී තමා සිංගප්පූරුවෙන් පිටුවහල් කළ බව ද ගුණසුන්දරම් ජෙයසුන්දරම් ප්‍රකාශ කළ බව සඳහන්ය.

විදෙස් රටවල සිටින එල්.ටී.ටී.ඊ. කණ්ඩායම්වලින් අමෙරිකාවේ සිටින වී.රුද්‍රකුමාරන්, බ්‍රිතාන්‍යයේ සිටින එස්.පේ.එම්මානුවෙල් පියතුමා සහ නෝර්වේ සිටින නෙදියවන් යන පුද්ගලයින් ත්‍රස්ත නායකයින් බවත් ඔවුන් දෙමළ ප්‍රජාවට වඩාත් හානි සිදුවන ක්‍රියාකාරකම් සිදුකරන බවත් සැකකරු ප්‍රකාශ කර තිබේ. ප්‍රභාකරන්ගේ ප්‍රචණ්ඩත්වයට සහ ඔහුගේ ත්‍රස්තවාදී න්‍යාය පත්‍රයට සහයදීම පිළිබඳ තමා කණගාටුවට පත්වන බවද සැකකරු අධිකරණය හමුවේ ප්‍රකාශ කළ බව පොලීසිය පවසයි. සැකකරුට එරෙහි නඩුව ලබන 16 වැනිදා යළි සලකා බැලීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

195,361 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>