BBS hold discussions with migrated Tamils

– සිංහල

bodu bala sena     General Secretary of the Bodu Bala Sena organization Ven.Galaboda Athe Gannasera thero announced they have hold discussions with migrated Tamils residing in the United States of America and the  was initiated by a Norwegian well ” wisher.

Gannasera Thero said they came across many patriotic Sri Lankans in the US and they expressed their support to the development activities taking place in the country with the support of the Tamil brethren.

We have a democratic right to hold discussions with migrated Tamils he said.

අපි ඇමෙරිකා ගියේ දේශප්‍රේමීන් හමුවීමටයි…..

ඇමරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් දේශප්‍රේමීන් හමු වී බොදුබල සේනා සංවිධානයේ පරමාර්ථ හා අරමුණු මොනවාදැයි දැනුවත් කිරීමට ගිය අතරතුර බොදුබල සේනා සංවිධානය දෙකඩ වූ බවට අසත්‍ය මාධ්‍ය ප්‍රචාරයක් ගෙන ගොස් ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ‍ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසීය. ඤාණසාර හිමියන් මෙලෙස පැවසුවේ පසුගිය 11 වැනිදා කෑගල්ල නගරයේ පැවැති බොදු බල සේනා සමුළුවේදීය. බොදු බල සේනා සංවිධානයට වර්ෂයක් පිරීම නිමිත්තෙන් මෙම සමුළුව පැවැත්විණි.
ඇමරිකාවේදී කළේ කුමක්දැයි විමසා කී දෙය විකෘති කර, මාධ්‍ය භාවිතය ඛණ්ඩ සූත්‍රයක් කරගත්, රාජ්‍ය නොවන සංවිධාන මත යැපෙමින් ගමන් මග වෙනස් කර ජාතිය දුබල කිරීමට දගලන පුද්ගලයින් නුදුරේදීම නීතිය හමුවට ගෙන ගොස් දඬුවම් පමුණුවන බවද හිමියෝ පැවසීය.
බොදුබල සේනා සංවිධානය ක්‍රියාත්මක වන්නේ නෝර්වේ මුදල් මත යැයි කියමින් සංවිධානය විනාශ කිරීමට රජයේ ප්‍රබල ඇමැතිවරයෙක් තමන්ගේම මුදල් වැය කරගන්නා තත්ත්වයකට පත්ව ඇතැයි ද උන් වහන්සේ කීහ.එසේම ත‍ලේබාන් හා අල් කයිඩා අන්තවාදීන් මෙරට ක්‍රියාත්මක වන බව කියද්දී එවැනි දෙයක් නැතැයි කී ආරක්ෂක අංශ ඔබ වහන්සේලා කී ආකාරයට බෙදුම්වාදී ත්‍රස්තවාදයට රට ගෙන යාමට අර අදින පිරිස් සිටිනවායි කියා එතැනින් නොනැවතී චෙන්නායිහීදී කළ කතාවක් සම්බන්ධයෙන් අසාද් සාලි අත් අඩංගුවට ගැනීමට ද ක්‍රියා කර ඇතැයි උන් වහන්සේ කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

171,571 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>