Dutch Canal ( Hamilton Canal) to be developed as a tourist attraction

 
sinhala– සිංහල
english

Hamilton canal     

Work on the developing of the the 14km of the Hamilton Canal from Hendala to the Negombo Lagoon section is nearing completion with the work being carried at a fast pace by the Sri Lanka Land Reclamation and Development Corporation.Under the development program, embankments will be built to protect the canal banks, while either side of the waterway too will be beautified.

The total cost of the project runs is said to cost Rs. 600 million. The project covers a distance of 22 kilometres from Ma Oya to the mouth of the Kelani River as a part of a plan – drawn up by the Moratuwa University – to develop the Negombo tourism region.

During the 15th Century King Vira Parakramabahu VIII, Negombo lagoon served as the main seaport for trading in cinnamon and other commodities and transport of goods. The Dutch improved upon it and is presently called the Dutch canal, linking Kelani River with the Negombo lagoon to the east of Muturajawela.

The Canal in its present form was completed during the early British period in 1802.  That year British Revenue and Commerce Agent Garvin Hamilton started a new canal (now named Hamilton) to the east of the earlier Dutch canal meant to link the latter with a series of parallel canals.

The canal and its vicinity is of much environmental importance since the area is home to different species of fish, birds and plants and rich in biodiversity  making it ideal for Eco-tourism.

After meeting the requirements of tourists visiting the area, facilities for fishermen such as marketing stalls and jetties for boats will be constructed.  After the entire project is completed the Western Province Tourism Ministry and the Sri Lanka Tourism Development Authority(SLTDA) with the assistance of the people of the area will jointly supervise the canal’s functions.

Alongside this project the 300-year-old leprosy hospital at Hekitta,in Hendala too is being renovated under the Gampaha District hospital modernisation programme.

Considering the historical importance of this hospital, constructed in 1708, steps are being taken to renovate and modernize it as a tourist attraction and convert it into a museum to be preserved with WHO coordination. The hospital’s 300th Anniversary was commemorated in 2009.

මීගමුව හැමිල්ටන් ඇල සංචාරක…..

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක සංචාරක සම්පත් වැඩිදියුණු කිරීමේ ව්‍යාපාරය යටතේ මීගමුව හැමිල්ටන් ඇල සංචාරක ආකර්ශනයට සරිලන පරිදි සංවර්ධනය කිරීම ඊයේ ඇරඹිණි.ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව හැමිල්ටන් ඇලෙහි මෙම සංවර්ධන කටයුතු ආර්ම්භ කර තිබේ. භාන්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් ඕලන්ද යුගයේදී ආරම්භ කල හැමිල්ටන් ඇල බ්‍රිත්‍යාන යුගයේදී වසර 1802දී නිමාවට පත්විය.මීගමුව සංචාරක කලාපය දියුණු කිරීමේ අරමුණින් සංවර්ධන කිරීමට නියමිත හැමිල්ටන් ඇල ව්‍යාපෘතිය මගින් මා ඔය සිට කැළණී ගංමෝය දක්වා වන කිලෝමීටර 22ක පමණ පැතිරී ඇති ප්‍රදේශයක් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගත් ප්‍රදේශයක් බවට පත්කිරීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර තිබේ. මේ සදහා අවශ්‍ය සැලැස්ම සකස් කර ඇත්තේ මොරටුව විශ්ව විද්‍යාලය මගිනි.හැමිල්ටන් ඇල දෙපස ඉහල පාරිසරික වටිනාකමක් ඇති අතර එය විවිධ මත්‍සයින්, පක්ෂීන්, ශාක ඇතුළු ඉහල ජෛව විවිධත්වයෙන් පොහොසත් අතර එය වර්තමාන පාරිසරික සංවාරක කර්මාන්තය සදහා ඉතා වැදගත් ස්ථානයක් ගනී.
මේ යටතේ ඇල දෙපස බැමි බැද ඇල ආරක්ෂා කිරීමට කටයුතු කරන අතර ඇල මාර්ග දෙපස අලංකරණය කිරීමද සිදු කරයි. සංචාරකයින්ට මීගමුවේ සිට හැමිල්ටන් ඇල දිගේ බෝට්ටු මගින් මුතුරාජවෙල, කැළණි විහාරය, දඩුගන්නාඔය වැනි ස්ථානයන්ට අපහසුතාවයකින් තොරව ගමන් කිරීමට අවශ්‍ය පහසුකම් මෙමගින් සැලසනු ඇත. ඒ සඳහා බෝට්ටු බාධාවකින් තොරව ගමන් කිරීමට හැකියාව ලැබෙන පරිදි ‍රොන් මඩ බවත් කිරීම, ජලය අපවිත්‍රවීම වළක්වාලීම වැනි කටයුතු මේ යටතේ සිදුවනු ඇත.මෙහි පළමු පියවර යටතේ මා ඔයේ සිට මීගමුව දක්වා වන කිලෝ මීටර් 9ක කොටස මේ වන විට සංවර්ධනය කරමින් පවතින අතර මීගමුව කලපුවේ සිට කැලණි ගං මෝය (හේකිත්ත) දක්වා වන කිලෝමීටර් 14 ක පමණ වන කොටසෙහි සංවර්ධන කටයුතු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ ආරම්භ කරන ලදී. සියළු කටයුතු සිදුකරනුයේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මගිනි.ඇල මාර්ගය සහ ඇල දෙපස මාර්ග සංචාරක ආකර්ශනීය ප්‍රදේශ ලෙස සංවර්ධනය කිරීමෙන් අනතුරුව ධීවරයින්ට අවශ්‍ය වෙළඳකුටි, බෝට්ටු නතර කිරීමට ජැටි, සහ ධීවරයින්ට අවශ්‍ය සෙසු පහසුකම් සංචාරකයින්ගේ ආකර්ශනය දිනාගන්නා පරිදි ගොඩනංවන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එහිදී පැවසීය. ව්‍යාපෘතිය අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කටයුතු බස්නාහිර පළාත් සංචාරක අමාත්‍යාංශය සමග ඒකාබද්ධව ප්‍රජාවගේද සහයෝගය ඇතිව සිදු කෙරෙනු ඇත.මෙම අවස්ථාවට ධිවර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුනරත්න, බස්නාහිර පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා, වත්තල ප්‍රාදේශීය සභා සභාපති ත්‍යාගරත්න අල්විස්, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජී.ඒ.චන්ද්‍රසිරි, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ආර්. එම්.එස්. බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

197,271 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>