Jayalalithaa: No Sri Lankan players in Chennai IPL matches

 
sinhala– සිංහල
english

ipl chennai   

 The Sri Lankan players will not be taking part in the ten Indian Premier League (IPL) matches to be held in Chennai, the governing council of the tournament announced today.

This is hours after Tamil Nadu Chief Minister J Jayalalithaa wrote to the Prime Minister, stating categorically that the 13 Sri Lankan cricketers in the IPL will not be allowed to play matches held in Chennai.She has said she will permit IPL matches to be held in her state only if the organisers give her an undertaking that no Sri Lankan will be involved.

Jayalalithaa states in her letter that ” The atmosphere is, already surcharged with a groundswell of popular public opinion against the Sri Lankan Government. In such a hostile and tense environment, we apprehend that the participation of Sri Lankan players in the IPL tournament, with many games to be played in Chennai, will aggravate an already surcharged atmosphere and further offend the sentiments of the people. In view of the popular antipathy and anger in Tamil Nadu against the actions of the Government of Sri Lanka, the Government of Tamil Nadu is of the view that IPL matches involving Sri Lankan players, umpires and other officials should not be played in Tamil Nadu. The Government of Tamil Nadu will permit IPL matches to be held in Tamil Nadu, only if the organizers provide an undertaking that no Sri Lankan players, umpires, officials or support staff would participate in these matches”. (Read letter here)

The sixth edition of the IPL is scheduled to be held from April 3 and will be played in different locations in the country over 45 days. Ten matches are to be played in Chennai, which also has a home team in the Chennai Super Kings, with two Sri Lankan players in it.

IPL Chairman Rajeev Shukla earlier told NDTV that the security of Sri Lankan players is most important. “The cooperation of the local administration is required. We have to keep the sentiments of the local people in mind as well as the security of Lankan players.”

Rajeev Shukla said the security of the Lankans is of paramount importance to the BCCI. He says a solution will be worked out with franchises and as of now, all matches will be played as per schedule. Shukla also said the sentiments of the local people will not be compromised. (See Video)

List of Sri Lankan players in the IPL:

  • Nuwan Kulasekara and Akila Dhananjaya (Chennai Super Kings)
  • Jeevan Mendis and Mahela Jayawardene (Delhi Daredevils)
  • Sachithra Senanayake (Kolkata Knight Riders)
  • Lasith Malinga (Mumbai Indians)
  • Ajantha Mendis and Angelo Mathews (Pune Warriors)
  • Kushal Janith Perera (Rajasthan Royals)
  • Muttiah Muralitharan and Tillakaratne Dilshan (Royal Challengers)
  • Kumar Sangakarra and Thisara Perera (Sunrisers Hyderabad)

අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජයලලිතාගෙන් තර්ජන…..

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායිහී පැවැත්වීමට නියමිත තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහභාගි නොවිය යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මහත්මිය අවධාරණය කරසිටී. ඉන්දීය අග්‍රාමාත්‍යය මන්මෝහන් සිං මහතාට ලිපියක් යවමින් ඇය මේ බව සඳහන් කර ඇති බව තානාපති ආරංචි මාර්ග අනාවරණය කරයි. චෙන්නායිහි පැවැත්වීමට නියමිත තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙන්ම ශ්‍රී ලංකා විනිසුරුවරුන්ද සහභාගි කරවා නොගත යුතු බව ජයලලිතා මහත්මිය විසින් යවන ලද ලිපියේ සඳහන්ය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 13 දෙනෙකු සහභාගී වීමට නියමිතය. මේ පිළිබඳව අදහස් දක්වා ඇති ඉන්දීය ප්‍රිමියර් ලීගයේ සභාපති රජීව් ෂුක්ලා පවසා ඇත්තේ නියමිත පරිදි චෙන්නායි හි පැවැත්වෙන තරග සඳහා සියළු කටයුතු සූදානම් කර ඇති බවයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එල්ල වී ඇති තර්ජන පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයා සමග පැවැති බවත්, ඉන්දීය අගමැතිවරයා සිය රටට පැමිණි පසු මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට නියමිත බවත් ප්‍රකාශ කර තිබේ.
මේ අනුව යම් හෙයකින් චෙන්නායි සුපර් කිංග්ස් පිල නියෝජනය කරන නුවන් කුලසේකර සහ අඛින ධනංජය කණ්ඩායමෙන් ඉවත් කළහොත් ඔවුන්ට හිමි සියලුම කොන්ත්‍රාත් මුදල් ගෙවීමට එම කණ්ඩායමට සිදුවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ‍ලේකම් නිශාන්ත රණතුංග මහතා පවසා ඇත්තේ ඇතිවී ඇති තත්ත්වය පිළිබඳව ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ පිළිතුරක් බලා‍පොරොත්තුවෙන් පසුවන බවයි.
උද්ගතව ඇති තත්ත්වය බැරෑරුම් බව දෙරටේ ක්‍රිකට් විචාරකයෝ පවසති. මේ නිසා ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් යම් හෙයකින් චෙන්නායි හි පැවැත්වෙන ක්‍රීඩා, තරගවලට සහභාගි වුවහොත් ඔවුන්ගේ ජීවිත පිළිබඳ ආරක්ෂාව වැදගත් සාධකයක් වනු ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
මේ අතර මේ පිළිබඳව කරුණු දක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයකු සඳහන් කළේ මෙම අර්බුදය පිළිබඳව ඉන්දියාවේ ක්‍රිකට් බලධාරීන් සමග අඛණ්ඩ සාකච්ඡාවක නිරතව සිටින බවයි.
කෙසේ වුවද උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අයි.පී.එල්. තරගවලට සහභාගි වන මෙරට ක්‍රීඩකයන් දැනුවත් කර ඇති බව සඳහන් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය හරහා ඉන්දීය මධ්‍යම රජය සමගද සාකච්ඡා ආරම්භ කළේ යැයි සඳහන් කරයි.
ක්‍රීඩා තරගවලට සහභාගි වීම පිළිබඳව අවසන් තීරණය ක්‍රීඩකයන්ට බාරයි. ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයා කීය.
මේ අතර මේ පිළිබඳව විමසීම සඳහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගි වන ක්‍රීඩකයන් දුරකතන මගින් ඇමතීමට අප ගත් උත්සහය අසාර්ථක විය.
අයි.පී.එල්. අර්බුදය පිළිබඳව කරුණු දැක්වූ ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සහතිකයක් ලබාදෙන්නේ නම් පමණක් මෙරට ක්‍රීඩකයන්ට චෙන්නායි හි ක්‍රීඩා කිරීම සඳහා අවසර ලබාදෙන බවය. එම අවසරය ඉන්දියාවෙන් නොලැබෙන්නේ නම් ඔවුන්ට මොනම හේතුවක් සඳහාවත් ක්‍රීඩා කිරීමට චෙන්නායි නොයවන බව ඇමැතිවරයා පැවැසීය.
නුවන් කුලසේකර, අකිල ධනංජය, මහේල ජයවර්ධන, ජීවන් මෙන්ඩිස්, සචිත්‍ර සේනානායක, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා, මුත්තයියා මුරලිදරන්, තිලකරත්න දිල්ෂාන්, කුමාර් සංගක්කාර, තිසර පෙරේරා යන ක්‍රීඩකයන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අවස්ථාව ලද ක්‍රීඩකයෝ වෙති.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරග ලබන අප්‍රේල් 3දා ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි වන මුල්ම චෙන්නායි මුම්බායි තරගය අප්‍රේල් 6 පැවැත්වීමට නියමිතය. ඒ සඳහා නුවන් කුලසේකර, අකිල ධනංජය හා ලසිත් මාලිංග සහභාගි වනු ඇත.
උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් චෙන්නායි හි පැවැත්වෙන අයි.පී.එල්. තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහභාගි කර නොගැනීමට තරග සංවිධායකයෝ තීරණය කළේ යැයි ඉන්දීය මාධ්‍ය ඊයේ (26) රාත්‍රී වාර්තා කළේය.
තරගාවලියේ තරග 10ක් චෙන්නායි හි පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,098 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>