UN resolution was not toned down says Robert Blake

 
sinhala– සිංහල
english

blake   

The US has categorically rejected accusation by human rights groups that the resolution adopted by the UN Human Rights Council on Thursday was a turned down version of the original draft.

 In an exclusive interview with BBC Sinhala service, Sandeshaya, Assistant Secretary of State for South and Central Asian Affairs Robert Blake has insisted that the adopted resolution “underlines the importance of Sri Lanka now taking meaningful action on reconciliation and accountability,” to achieve “peace and prosperity” on the island nation.
The UNHRC on Thursday adopted the US sponsored resolution on Sri Lanka with 25 in favour, 13 against it and 8 abstentions.
Insisting that the adopted resolution was not a “toned down” one from the original draft, Mr. Blake, however, refused to comment on India’s role on amending the original draft.
Mr. Blake said it is important for the Sri Lankan government to hold elections for the northern province in September 2013 as promised, and restart the stalled dialogue between the government and the Tamil National Alliance.
Commenting on the indications that South Africa’s moves to be facilitator between the two parties, US Assistant Secretary of State Robert Blake said the US would support any third party that re-initiates the dialogue that leads to a mutually agreeable method of devolution of power.
The United States has vetoed a last minute attempt by the Indian government to introduce a tough amendment to the UN resolution seeking an international mechanism to monitor the implementation of the LLRC.
Mr. Blake refused to elaborate but said that the US engaged with India “very closely throughout the process” and welcomed some amendments suggested by India.

එක්සත් ජාතීන්ගේ යෝජනාවේ සැර බාල කළේ නෑ – ඇමෙරිකාව………

බාධාවකින් තොර පහසුකම්

මානව හිමිකම් මණ්ඩලයේ සැසිවාරයට පෙරාතුව ශ්‍රී ලංකා හමුදාව විසින් පවත්වන ලද පරීක්ෂණයක් මඟින් යුද්ධයේදී සාමාන්‍ය වැසියන් මියයාමේ කිසිදු සිදුවීමකට ආරක්ෂක හමුදා වග කිව යුතු නැතැයි තීන්දු කිරීම පිළිබඳව “කනස්සල්ල” පළ කළ සහකාර රාජ්‍ය ලේකම්වරයා, එමඟින් සැබවින්ම සිදුවූයේ ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව අවංකවම සූදානම් ද යන්න පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාව තුල පවතින සැකය තවත් තීව්‍ර වීම බව ද පැවසීය.
මානව හිමිකම්, භාෂණයේ නිදහස සහ අධිකරණයේ ස්වාධීනත්වය වැනි ක්ෂේත්‍රයන් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට “බාධාවකින් තොරව” ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව සැලසිය යුතු බවට යෝජනාවේ මුල් කෙටුම්පතේ වූ සඳහන “අවසර දීම” යනුවෙන් වෙනස් කිරීම යෝජනාවේ සැර බාල කිරීමක් නොවේ දැයි විමසූ විට ඔහු කියා සිටියේ, අවසර දීම යනුවෙන් තමන් අදහස් කරන්නේ බාධාවකින් තොරව අවසර දීම බවයි.
මේ අතර යෝජනාව පිලිබඳ ඡන්ද විමසීමට පෙරාතුව අදහස් දැක්වූ මානව හිමිකම් පිලිබඳ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත මහින්ද සමරසිංහ අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් අවධානය පළ කරනු වෙනුවට වෙනත් න්‍යාය පත්‍රයක් සහිතව කටයුතු කරන බවට ජාත්‍යන්තර ප්‍රජාවට චෝදනා කළේය.

‘වෙනත් න්‍යාය පත්‍රයක්’

කෙසේ නමුත් එක්සත් ජනපදයේ න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාවේ තිරසාර සාමයක් උදා වී, සංහිඳියාව ඇති වී, යුද අපරාධ චෝදනාවලට වැරදිකරුවන් වූවන් දඬුවම් ලබනු දැකීම බවයි, රොබට් බ්ලේක් අවධාරණය කරන්නේ.
“ඒ ඇරෙන්න අපිට වෙනත් කිසිම න්‍යාය පත්‍රයක් නෑ,” ඔහු පැවසීය.

“සාමාන්‍ය වැසියන් සිටින ස්ථානවල බර ආයුධ සවි කරල එල්ටීටීඊ ය හමුදාවෙන් ප්‍රතිප්‍රහාර බලාපොරොත්තුවෙන් ඒ ස්ථානවල ඉඳන් හමුදාවට ප්‍රහාර එල්ල කළා”
එල්ටීටීඊ ය මාර්ගයෙන් ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට උත්සාහ දැරූ ජාතුන්තර බලවතුන් දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්ගයෙන් රට බෙදීමට උත්සාහ දරන බවට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා නඟන චෝදනාව ද සංදේශය ඔහුට යොමු කළේය.
එක්සත් ජනපදය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සැබවින්ම මේ මොහොතේ කරමින් සිටින්නේ එහි පරස්පරය බවයි, සහකාර රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ.
“අපි උත්සාහ කරමින් ඉන්නේ රට යලි එක් සේසත් කරන්න කියලයි මම නම් හිතන්නේ. ශ්‍රී ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පියවර අරගෙන, වැරදිකරුවන්ට ඉක්මනින් දඬුවම් කිරීමයි ඒ සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය,” ඔහු පැවසීය.
අනෙක් අතට වියට්නාමයේ යුද අපරාධ පරීක්ෂා කිරීම පිණිස වසර තිහකට අධික කාලයක් ගත වූ නමුත්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා වහාම විභාග කරන මෙන් බළ කිරීම අසාධාරණ බව දයාන් ජයතිලක වැනි විශ්ලේෂකයන් එල්ල කරන චෝදනාවක්.

එල්ටීටීඊ යේ යුද අපරාධ

එම චෝදනාව ප්‍රතික්ෂේප නොකරන රොබට් බ්ලේක් සහකාර රාජ්‍ය ලේකම්වරයා, තමන් මේ මොහොතේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් බලාපොරෝත්තු වන්නේ එම චෝදනා පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමට සූදානම් බවට ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් සහතිකයක් හෝ ඉඟියක් පමණක් බව ද ප්‍රකාශ කරයි.
“අපි උත්සාහ කරමින් ඉන්නේ රට යලි එක් සේසත් කරන්න කියලයි මම නම් හිතන්නේ. ශ්‍රී ලංකාවේ තවමත් සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් පියවර අරගෙන, වැරදිකරුවන්ට ඉක්මනින් දඬුවම් කිරීමයි ඒ සඳහා සුදුසුම ක්‍රියාමාර්ගය”
එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් රොබට් ඔ බ්ලේක්
එමෙන්ම යුද්ධයේ අවසාන අදියරේදී සාමාන්‍ය වැසියන් විශාල පිරිසක් මියයාම පිළිබඳව එක්සත් ජනපදය හොඳින්ම දැන සිටි බව විකීලීක්ස් වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කරන ලද ඇමෙරිකානු රාජ්‍යතාන්ත්‍රික කේබල්වල සඳහන් වන ප්‍රධානම කරුණක්.

රොබට් බ්ලේක් ඒ සමයේ ශ්‍රී ලංකාවේ සිටි ඇමෙරිකානු තානාපතිවරයායි.
විකීලීක්ස් අනාවරණය අනුමත කරන සහකාර රාජ්‍ය ලේකම්වරයා, සාමාන්‍ය වැසියන් මියයාම සම්බන්ධයෙන් ආරක්ෂක හමුදා පමණක් නොව එල්ටීටීඊ යද වගකිව යුතු බව එක්සත් ජනපදය එවක් පටන්ම අවධාරණය කළ බව වර්තමානයේ බොහෝ විශ්ලේෂකයන් අමතක කොට ඇති බව සංදේශයට කියා සිටියේය.
“සාමාන්‍ය වැසියන් සිටින ස්ථානවල බර ආයුධ සවි කරල එල්ටීටීඊ ය හමුදාවෙන් ප්‍රතිප්‍රහාර බලාපොරොත්තුවෙන් ඒ ස්ථානවල ඉඳන් හමුදාවට ප්‍රහාර එල්ල කළා. අනික ඔවුන් උන්හිටි තැන් අහිමිවුණු ජනතාවට යුද කලාපයෙන් එලියට යන්න දුන්නේ නෑ විතරක් නෙවෙයි, යන්න උත්සාහ කළ අයට වෙඩි තැබුවා,” ඔහු පැවසීය.
කෙසේ නමුත්, යුද කලාපයට යාමට ශ්‍රී ලංකා ආණ්ඩුව ස්වාධීන නිරීක්ෂකයන්ට අවසර නොදුන් බැවින්, එහි සැබවින්ම සිදුවූ දේ තමන් දැන නොසිටි බවයි, ඔහු පවසන්නේ.
එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිතුදමක් පවතින බව පෙන්වා දුන් රොබට් බ්ලේක්, ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ ඒ මිතුදම තවත් වර්ධනය කර ගැනීම සිය රටේ අවශ්‍යතාවය බව ද සංදේශයට කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,542 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>