Sri Lanka beat Bangladesh by 8 wickets

 
sinhala– සිංහල
english

dilshan2        

Sri Lanka defeated Bangladesh by eight wickets in the opening one-day international in Hambantota on Saturday to gain a 1-0 lead in the three-match series.

99 minutes play was lost due to a power failure and Sri Lanka’s target was revised. Sri Lanka Cricket in a statement apologized for the failure and said an investigation will be carried out.

Sri Lanka, chasing a revised target of 238 in 41 overs following a power failure, won the day-night match with 32 balls to spare.

Dilshan and fellow opener Kushal Perera took off in sharing 106 runs off 73 deliveries. Perera made 42 including a six and five boundaries off 36 deliveries. Between Dilshan and Perera, Sri Lanka possess all the attributes of the opening pair that revolutionised the format.

Dilshan and Sangakkara put on 128 for the second wicket, ruling out any comeback from Bangladesh.

The second one-dayer will be played in Hambantota on Monday.

ඩිල්ෂාන්ගේ ශතකයෙන් ශ්‍රී ලංකාවට ඉක්‌මන් ජයක්‌…………….

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලිය ආරම්භ කරමින් හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේ පෙරේදා (23 දා) පැවැති පළමු තරගයෙන් සංචාරක පිලට එරෙහිව කඩුලු 8 ක පහසු ජයක්‌ වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලිය 1-0 ක්‌ ලෙස පෙරමුණ ගැනීමට සමත්වූහ. දෙරට අතර දෙවැනි එක්‌දින තරගය අද එම ක්‍රීඩාංගණයේදීම දිවා රාත්‍රි තරගයක්‌ ලෙසින් පැවැත්වේ.

ජයග්‍රහණය සඳහා පන්දුවාර 41 කදී ලකුණු 238 ක ඉලක්‌කයක්‌ හඹා ගිය ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පිතිකරුවන් දක්‌වන ලද සුපිරි දක්‍ෂතා හේතුවෙන් පන්දු 32 ක්‌ ඉතිරිව තිබියදී කඩුලු 2 ක්‌ පමණක්‌ දැවී අදාළ ඉලක්‌කය ජය ගැනීමට සමත් විය. තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමිවීමත් සමග හම්බන්තොට ක්‍රීඩාංගණයේදී ලකුණු සංඛ්‍යාවක්‌ හඹා ගිය ඉහළම තරගය ලෙසින්ද මෙම තරගය සටහන් විය. මීට පෙර කණ්‌ඩායමක්‌ ලකුණු හඹා යමින් රැස්‌ කරගෙන ඇත්තේ ලකුණු 211 ක ඉලක්‌කයකි.

මෙම තරගයේදී ආරම්භක පිතිකරු ටී. එම්. ඩිල්ෂාන් පන්දු 108 කදී ලකුණු 113 ක්‌ ලබා ගනිමින් සිය එක්‌දින ක්‍රිකට්‌ දිවියේ 15 වැනි ශතකය රැස්‌ කරමින් කණ්‌ඩායම ජයග්‍රහණය කරා රැගෙන යැමේ පෙරගමන් කරුවා බවට පත්වූවේය. හතරේ පහර 11 ක්‌ පමණක්‌ ඇතුළත් වු ඩිල්ෂාන්ගේ එම ශතකයත් සමග එක්‌දින තරග අංශයෙන් ශ්‍රී ලංකාවේ වැඩිම ශතක සංඛ්‍යාවක්‌ ලබාඇති පිතිකරුවන් අතර දෙවැනි ස්‌ථානයට පත්වීමටද සමත්වූවේය. හිටපු නායක සනත් ජයසූරිය ශතක 28 ක්‌ රැස්‌ කරමින් එහි පෙරමුණේ පසුවන අතර ඩිල්ෂාන් ශතක 15 ක්‌ රැස්‌ කරමින් එහි දෙවැනි ස්‌ථානයට පත්විය. මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්‌කාර ශතක 14 බැගින් ලබා එහි තෙවැනි ස්‌ථානයේ පසුවෙති.

ශ්‍රී ලංකා පිල ලෝක ශූරතාව දිනා ගත් සමයේදී ඉනිම ආරම්භ කළ සනත්-කලු සුසංයෝගය පන්දුවට පහර දුන් ආකාරය යළිත් සිහි කළ ඩිල්ෂාන් සහ කුසල් පෙරේරා පළමු ලකුණු 50 සම්පූර්ණ කරන ලද්දේ පන්දු 25 කිනි. බංග්ලාදේශ පන්දු යවන්නනට නොසෑහෙන්න බැට දුන් මෙම සුසංයෝගය පළමු කඩුල්ල වෙනුවෙන් පන්දුවාර 12.1 කදී ලකුණු 106 ක්‌ රැස්‌ කරන විට හතරේ පහර 14 ක්‌ සහ හයේ පහරක්‌ එල්ල කර තිබුණි. එල්ල කරන ලද හතරේ පහර 14 න් 7 ක්‌ම පළමු පන්දු 14 ක්‍රියාත්මක කරන ලද රුබෙල් හොසේන් සහ අබුල් හසන්ගේ පන්දුවලට එල්ල කර තිබුණි.

මෙහිදී කුසල් පෙරේරා පන්දු 36 කදී ලකුණු 42 ක්‌ද ඩිල්ෂාන් පන්දු 108 කදී නෙදැවී ලකුණු 113 ක්‌ද රැස්‌ කරගත්හ. ගාසිගේ පන්දුවක්‌ හමුවේ කුසල් දැවී ගිය අතර අනතුරුව පිටියට පිවිසි කුමාර් සංගක්‌කාර (63) දෙවැනි කඩුල්ල සඳහා ඩිල්ෂාන් සමගින් ලකුණු 128 ක්‌ රැස්‌ කරන ලද්දේ පන්දු 137 කදී විය.

ලකුණු 54 ක්‌ ලබා සිටියදී තිසර පෙරේරාගේ පන්දුවකට මිඩ් ඕµa කළාපයට දුන් පහසු උඩ පන්දුව නායක ඇන්ජලෝ මැතිව්ස්‌ විසින් ගිලිහී යැමෙන් වරම ලබා ගත් තමීම් ඉක්‌බාල් සිය සිව්වැනි එක්‌දින ශතකය පන්දු 129 කදී සපුරා ගැනීමට සමත්වූවේය. හතරේ පහර 10 ක්‌ සහ එක්‌ හයේ පහරක්‌ ඇතුළත් වුණු ඉක්‌බාල්ගේ ලකුණු 112 ක ඉනිම සඳහා හෙතෙම පන්දු 136 කට මුහුණ දී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,593 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>