I never thought I would be addressing a UN Human Rights Council, on the plight of Tamil women in North Sri Lanka

 
sinhala– සිංහල
english

British mp 2     

 I never thought, when I became a British Member of Parliament in 1997, that I would at some stage be addressing a UN Human Rights Council meeting in Geneva, on the plight of Tamil women in North Sri Lanka said Siobhain McDonagh, Member of Parliament (UK) at the UNHRC on 11 Feb 2013.

Addressing the UNHRC she said “The situation of the Tamils on the island is now one that is very close to my heart. It is because of the Tamil community in my constituency that I became involved in the Tamil cause”.

On Friday 8th March, we celebrated International Women’s Day. A time not only to celebrate the contribution of women to social, political, cultural and domestic life in all countries around the world, but also to serve as an important reminder that in many places the fundamental rights of so many women are still at risk.

This year’s United Nations International Women’s Day theme is ‘A promise is a promise: Time for action to end violence against women’.

Although the military camps are closed, many people have been unable to return to their lands, houses and livelihoods. Relief aid to these people is unreliable, and the displaced women have arrived back, often with no assets or limited skills.

Tamil women have also been coerced into joining the armed forces. Young women from female-headed families or families with five or more members have been targeted, falsely informed that they would be engaging in clerical work and then taken to military camps for training, not being allowed to leave.

Therefore, I feel it is imperative that the international community, including the United Nations and particularly this Council, must, call for the demilitarisation of Tamil majority areas, and be prepared to speak out against all cases of gender-based violence and gender inequalities in Sri Lanka.

In addition, I urge all of you to support the establishment of international, independent war crimes investigation in Sri Lanka. The creation of such a mechanism would be a crucial step in ensuring accountability, challenging the culture of impunity, and enabling reconciliation.

Read More:

 

 

යුදකරනයට හසුවූ ගැහැණූ: යුද්ධයෙන් පසු උතුරේ ස්ත්‍රීන් කබලෙන් ලිපට……

ශ්‍රී ලංකාව: වගවීමට බැඳී සිටීම සහතික කිරීම, අපරාධකරුවන්ට ද ඬුවම් ලබා නොදීමේ සංස්කෘතියට අභියෝග කිරීම, සහ සංහිඳියාව සාක්ෂාත්කිරීම සඳහා අත්‍යවශ්‍ය තීරණාත්මක පියවරක් වශයෙන්ජාත්‍යන්තර විමර්ශක යාන්ත්‍රණයක් නිර්මාණය කිරීම – ෂිබාන් මැක්ඩෝන්

යුද්ධයෙන් පසු මුහුණ දීමට සිදුව ඇති ජීවිතය
අද දින වැඩ සටහන තුළ මට මෙම අවස්ථාව ලබා දීම පිලිබඳව මම බොහෝ සෙයින් කෘතඥ වෙමි. 1997 දී මා මගේ ඡන්ද කොට්ඨාශ වන මිචම් සහ මෝර්ඩ්න් නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක වන විට, මා විසින් කිසියම් අවධියකදී, ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ ස්ත්‍රියගේ තත්ත්වය ගැන, ජීනිවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතා කතා කරනු ඇතැයි මම කිසිවිටෙකත් නොසිතුවෙමි.

කෙසේ වුවද දිවයිනේ දෙමළ ජනතාවගෙ තත්ත්වය දැන් මගේ හදවතට බෙහෙවින් සමීපය. මගේ ඡන්ද කොට්ඨාශයේ ජීවත්වන දෙමළ ප්‍රජාව හේතුවෙන් මම දෙමළ ජනයාගේ අරමුණු හා සම්බන්ධ වී ඇත්තෙමි. මා වෙත ලැබුණ තොරතුරු, විශේෂයෙන්ම 2008- සහ 2009 දී ගැටුම්වල අවසාන මාස පිලිබඳ මා ඇසූ බිහිසුණු කතා පුවත් මා කෙරෙහි සදාකාලික බලපෑමක් කර ඇත.

යුද්ධය නිමා වීමෙන් පසුවද දෙමළ ජනයාගේ මානව හිමිකම් උල්ලංගණයන් නතර වී නැත. දිවයිනේ පවත්නා වූ වරදකරුවන්ට දඬුවම් ලබා නොදීමේ සංස්කෘතිය, දෙමළ මිනිසුන්ගේ සහ ගැහැණුන්ගේ අයිතීන්ට එරෙහිව කෲර ලෙස බල පා ඇති අතර සැබැවින්ම රාජපක්ෂ පාලනයට එරෙහිව නැගී සිටින සෙස්සන්ගේද අයිතීන් කෙළසමින් ඔවුන්වද අවමානයට ලක් කිරීම අද දක්වාම සිදුවෙමින් පවතී.

මාර්තු මස 08 වෙනි සිකුරාදා අපි ජාත්‍යන්තර ස්ත්‍රී දිනය සැමරුවෙමු.

මෙම අවස්ථාව, ලෝකය පුරා සියළු රටවල ස්ත්‍රීන් විසින් සාමාජීය, දේශපාලනික, සංස්කෘතික සහ ගෘහස්ථ ජීවිතයේදී සිදු කරනු ලබන දායකත්වය සැමරීමක් ලෙසින් පමණක් නොව බොහෝ තැන්වලදී අති විශාල සංඛ්‍යාවක් ස්ත්‍රීන්ගේ මූලික අයිතීන් තවමත් අනතුරේ පවතින බවට කෙරෙන වැදගත් සිහිකැඳවීමක් ලෙස ද සේවය කරයි.

මෙම වසරේ දී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ස්ත්‍රී දිනයේ තේමාව වනුයේ “ පොරොන්දු සුරකිනු! ස්ත්‍රීන්ට එරෙහි හිංසනය නැවැත්වීම සඳහා ක්‍රියාත්මක වීමට කාලය පැමිණ ඇත” යන්නයි.

ප්‍රතිඥාවන් දෙන නමුත් ඒවා ලේසියෙන් කඩකරන රටක් නම් ශ්‍රී ලංකාවයි.

2009 මැයි මසදී, සන්නද්ධ ගැටුම ම්ලේච්ඡ ලෙස අවසාන කර හුදෙක් දින කීපයකට පසුව ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වෙත විවෘත ප්‍රතිඥාවන් රැසක් දුන්නේය.

“උතුරු සහ නැගෙනහිර දෙමළ බහුතරය දේශපාලනිකව සහ ආර්ථිකව සවිබලගැන්වීම සුරක්ෂිත කෙරෙනු ඇත.

ස්ථිර දේශපාලන විසඳුමක් ගොඩනැගීමට වැඩකටයුතු සිදු කෙරෙනු ඇත.

මානව හිමිකම් ප්‍රවර්ධනයට සහ ආරක්ෂණයට ප්‍රමුඛස්ථානයක් ලබා දෙනු ඇති අතර, යුද සමයේදී සිදු වූ ජාත්‍යන්තර මානුෂික නීතිය සහ මානව හිමිකම් නීතිය උල්ලංඝණය වීම් පිලිබඳව කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන යොදනු ඇත.”

මේ ප්‍රතිඥාවන් සිදුකර මේ වනවිට දැනටමත් සිවුවසරක් ගතවීමට ආසන්න වුවද තවමත් ඒවා ඉටු කර නොමැත.

එබැවින් ස්ත්‍රීන්ට එරෙහි හිංසනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම කලින් ගැටුම් පැවැති ප්‍රදේශවල වෙසෙන ස්ත්‍රීන්ට එරෙහි හිංසනයන් සම්බන්ධයෙන්, ඒවාට එරෙහිව කටයුතු කරන බවට දෙන ලද මීට සමාන ප්‍රතිඥාවන් ද කඩකර තිබීම මවිතයට කරුණක් නොවේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ 2012 වසරේ සමාලෝචනයේදී ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් පවසා සිටියේ ස්ත්‍රීන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ අයිතීන් අභිවර්ධනය පශ්චාත් යුද අවදියේ රජයේ මූලික ප්‍රතිපත්තියක් බවය.

කෙසේ වුවද ශ්‍රී ලංකා රජයේ ප්‍රකාශ විශ්වාස කිරීමට අසීරුය. ලිංගිකත්වය මත පදනම් වූ ප්‍රචණ්ඩ ක්‍රියාවන් ආයුධයක් ලෙස යුද්ධයේදී භාවිතා විය.

“ශ්‍රී ලංකාවේ ඝාතක භූමිය”( The Sri Lanka’s Killing Fields) නම් වාර්තා චිත්‍රපට මාලාව විසින් ගැටුම් පැවැති සමයේ සිදු වූ යුද අපරාධ, මානුෂිකත්වයට එරෙහි අපරාධ පිළිබඳව ප්‍රබල සාක්ෂි ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය මැද “ යුද මුක්ත කලාපය” (No Fire Zone) වාර්තා චිත්‍රපටයේ පූර්ව දර්ශනයක් ජිනිවාහිදී ප්‍රදර්ශනය කිරීමට කැලම් මැක්රේ සහ ඔහුගේ කණ්ඩායම සමත්වීම පිළිබඳව මම සතුටු වෙමි.

මෙම වාර්තා චිත්‍රපටවල පෙන්වන ලද ඡායාරූප අතර තිරයක් මත කිසිදිනෙක නොපෙන්විය හැකි තරම් වේදනාකාරි ඒවා තිබිණි. මෙහි අන්තර්ගත වීඩියෝ පටවල දැක්වෙන ස්ත්‍රී සටන්කාරියන්ගේ සහ අනෙකුත් අය ගේ මළ සිරුරු රජයේ හමුදාවන් විසින් ලිංගික අතවරයට ලක් කර පසුව මරා දමන ලද අයගේ බව පැහැදිලිය.

සන්නද්ධ ගැටුම් නිමාවීමෙන් පසුව 300,000කට අධික ජනතාවක් අභ්‍යන්තර අවතැන් කඳවුරු කරා දක්කනු ලැබිණි.

මෙම කඳවුරුවලදී ස්ත්‍රීන්ට එරෙහිව සිදු වූ තර්ජනයකොට බිය ගැන්වීම්, හිරිහැර සහ ලිංගික අතවර පිළිබදව විශාලවශයෙන් වාර්තා විය. මෙම කඳවුරු තුළ “රජයේ බලධාරින් විසින් පවත්වාගෙන යනු ලැබූ “ ගණිකා ව්‍යාපාර පිලිබදව වාර්තා කළ මාධ්‍යයන් අතර “ද ඕස්ට්‍රේලියන්” (The Australian) පුවත්පත එකක් පමණි.

කෙසේවුවද ස්ත්‍රීන් මුහුණ පා ඇති අනාරක්ෂිත තත්ත්වය මෙම කඳවුරු තුළට සීමා වී නැත. එය ස්ත්‍රීන්ගේ ජිවිතවල අති ප්‍රමුඛ ලක්ෂණය බවට පත්ව තිබේ.

සන්නද්ධ ගැටුමේ අවසාන මාසවලදී සිදු වූ අතිමහත් ජීවිත විනාශයෙන් දස දහස් ගණනින් සිවිල් වැසියන් මරණයට පත් වූ අතර ඊට ‍වැඩි බොහෝ සංඛ්‍යාවකට සිදු වූ දෙයක් වාර්තා නොවේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම කලාපයේ 90,000කට අධික ස්ත්‍රීහු යුද වැන්දඹුවන් බවට පත්ව පවුලේ බර දරා සිටිති.

රජය විසින් 2009 මැයි මාසයේ සිට උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රජයේ මිලිටරීකරණය කර ඇත.

මෙම කලාපයේ සිදුවන මිලිටරීකරණය විසින් පෙන්වනුයේ එහි වැසියන්ගේ සඳහා දී ඇති ආරක්ෂාවේ මට්ටම යැයි ඇතැම් විට පවසනු ඇත.

නමුත් සත්‍යය වූකලී එහි ප්‍රතිපක්ෂයයි.

එහි පවතින වත්මන් පරිසරය විශේෂයෙන්ම පවුලේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමට සිදුව ඇති ස්ත්‍රීන්ට විශේෂිත තර්ජනයක් එල්ල කරයි.

ඇතැම් හමුදා කඳවුරු වසා දැමුවද බොහෝ ජනයාට සිය ඉඩම්, නිවාස සහ ජීවිකා වෘත්තියට යාමට නොහැකිය. මෙම ජනතාවට සහනාධාර ලැබීමක් ගැන විශ්වාස කළ නොහැකිය. ස්ත්‍රීන් ආපසු පැමිණියේ සීමිත හැකියාවන් සහ සන්තකයේ කිසිවක්ම නොමැතිවය. හමුදාව විසින් නිර්මාණය කර ඇති ආක්‍රමණකාරි වටපිටාව තුළ සේවාවන් සැපයීමේ කටයුතු සඳහා දෙමළ ප්‍රජාවට ඉඩක් නැත.

2012 සැප්තැම්බර්යෙදී “හින්දු” පුවත්පත “ ශ්‍රී ලංකා හමුදාවේ ඩිවිෂන් 19න් 16ක්ම දෙමළ ජනයා බහුතරයක් වෙසෙන පෙදෙස් යටකර පැතිර පවතින ආකාරය වාර්තා කළේය. එහි අතිවිශාල මුරකපොලු ජාලය, නගර සහ ගම් අතර මෙන්ම ඒවා ඇතුලේද පැතිර ඇත. ඒවා මගින් හමුදාවට

වැසියන්ගේ ගමන්බිමන් සීමා කිරීමට සහ ක්‍රියාකාරකම් නිරීක්ෂණයට හැකියාව ලැබෙයි.

දෙමළ ස්ත්‍රීන්ට සිය ජීවිතය උදෙසා ප්‍රදේශයේ වෙසෙන සෙබළුන් සමග එකඟතාවන්ට එළැඹීමට බලකෙරි ඇති අතර ඔවුන් දෛනිකව අපයෝජනයන්ට ලක්වේ.” ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප්” (International Crisis Group) සංවිධානයට අනුව “ ශ්‍රි ලංකාවේ දෙමළ බස කතාකරන බහුතරයක් වාසය කරන උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල ස්ත්‍රීහු දිගුකාලීන සිවිල් යුද්ධයෙන් පසුව ආරක්ෂාව අහිමිවීම පිලිබඳ අපේක්ෂා භංග තත්ත්වයකට මුහුණ දී සිටිති. …… හමුදාව මත දෛනික අවශ්‍යතා හේතුවෙන් යැපෙන්නට සිදුවීම නිසා ඔවුහු ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්වීමේ අවදානමට මුහුණ දෙනවා පමණක් නොව ඒ විසින් ප්‍රජාව තුළදී ස්වකීය ශක්‍යතාවන් ගොඩනංවාගැනීමද වළක්වනු ලබයි.

මෙම ප්‍රදේශවල හමුදාවන් රැඳී සිටීම සහ ලිංගික අපරාධ සංඛ්‍යාවේ ඉහළ යාම අතර සම්බන්ධයක් දක්නට නැතැයි රජය විසින් ප්‍රකාශ කර තිබුන ද රජය තුළින්ම ලැබෙන විශ්වාස කටයුතු වාර්තා, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන සහ දෙමළ ජනයාගෙ නියෝජිතයන් විසින් පවසා සිටිනුයේ වෙනස් දෙයකි.

“ස්ත්‍රීන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහිව ලිංගික අපරාධ සංඛ්‍යාව ඉහළ මට්ටමක ඇත්තේ යාපනය, මුලතිව් සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලය. මේවා නිරන්තරයෙන් සිදු කරනුයේ රජයේ නිලධාරින් සහ හමුදාව විසිනි. විශේෂයෙන් මෙම අපරාධවල දක්නට ඇති කෲරත්වය සිත් කම්පා කරවන සුළුය.” ‍යි දෙමළ ජාතික සංධානය වාර්තා කරයි.

කොළඹ බ්‍රිතාන්‍යයේ මහකොමසාරිස් ජෝන් රැන්කින් මහතා කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩක්‍රියා ඉහළයාම පිලිබඳව මෙම පළාත්වල පොලිසිය සමග සාකච්ඡා කර ඇත.

ව්‍යවස්ථාමය සහ මානව හිමිකම් පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයට අනුව “ හමුදාව විසින් ශීඝ්‍රයෙන් පොලිස් රාජකාරි පවරාගැනීමෙහි අර්ථය නම් අපරාධවලට ලක්වන ස්ත්‍රීන්ට සහ ගැහැණු ළමයින්ට සිය පැමිණිලි ඉදිරිපත් කිරීමට සිදුවන්නේද අපරාධකරුවා වෙතම බවයි. …එහෙයින් ඔවුහු තර්ජනවලට, තවදුරටත් සිදුවිය හැකි ප්‍රහාරයන්ට සහ අවමානයන්ට ලක්වීමට ඇති බිය හේතුවෙන් කතා කිරීමෙන් වැළැකී සිටිති.
ස්ත්‍රීන් විසින් නඩත්තු කරනු ලබන පවුල් සංඛ්‍යාව ඉතා ඉහළ අගයක පවතින අතර ස්ත්‍රීන්ට සිය ජිවිකා වෘත්තීන්හි නිරතවීමට ඇති අවහිරකම් හේතුවෙන් ( උතුරු සහ නැගෙනහිර පළාත්වල ආර්ථික ක්‍රියාකාරකම් වල විශාල ප්‍රතිශතයක් හමුදාව විසින් සිදු කිරීම හේතුවෙන්) “ ගණිකා වෘත්තීය සහ ගණිකා නිවාස බිහිවීම වන්නියේ ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. මූලික සේවාලාභින් වී ඇත්තේ හමුදාව සහ ප්‍රදේශයේ පිරිමින්ය.” ශ්‍රී ලංකා බ්‍රී‍ෆ් සිය අලුත්ම මානව හිමිකම් වාර්තාවේ සඳහන් කරයි.

හමුදාවට බැඳෙන ලෙස දෙමළ ස්ත්‍රීන්ට බල කෙරෙමින් පවතී. ස්ත්‍රින් විසින් පවුලේ බර දැරෙන පවුල් හෝ පවුලේ සාමාජිකයන් 5ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින පවුල් මෙහිදී ඉලක්ක කෙරේ. ඔවුන් ලිපිකරු වෘත්තීන් සඳහා බඳවාගනු ලබන බවට ව්‍යාජ ලෙස හඟවමින් පසුව හමුදා පුහුණුව සඳහා කඳවුරුවලට ගෙන ගොස් ඇත. එමෙන්ම ඔවුන්ට ඉවත්වීමට ඉඩ නොදෙයි.

මෙම තත්ත්වය අනුමත කළ නොහැකිය.

මෙලෙස බලහත්කාරයන් බඳවාගනු ලැබූ තරුණියන් 20 දෙනෙකු පසුගිය දෙසැම්බර් මාසයේදී සිහිසුන් තත්ත්වයෙන් කිලිනොච්චි රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් මුණගැසීමට පවුලේ අයට, හිතවතුන්ට හෝ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ට හෝ ඉඩ දී නැත.

උතුරු නැගෙනහිර ස්ත්‍රීන් 11 දෙනෙකුගෙන් සමන්විත “ ස්ත්‍රී ක්‍රියාකාරි ජාලය” Women’s Action Network (WAN), නම් කණ්ඩායම විසින් ප්‍රකාශ කර ඇති පරිදි” මෙම තත්ත්වය විසින් ස්ත්‍රින්ගේ ජීවිත සම්බන්ධයෙන් රාජ්‍යයේ සහ හමුදාවේ භූමිකාව ගැන ‍මෙන්ම … මෙම ස්ත්‍රීන් හමුදා සේවයේ නිරතවන විට ඔවුන්ගේ අඛණ්ඩ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන්ද බරපතල අවධානය යොමුකරවයි

“ශ්‍රී ලංකාවේ ස්ත්‍රීන් මුහුණ දෙන අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රතිචාරය අනවශ්‍ය ලෙස ගොළු වී ඇතැයි” ඉන්ටර්නැෂනල් ක්‍රයිසිස් ගෲප් (International Crisis Group) මීට ඉහත දී ප්‍රකාශ කර ඇත
රජය සහ ආරක්ෂක හමුදාවන් විසින් පනවා ඇති තහංචි හේතුවෙන් උතුරේ සහ නැගෙනහිර ස්ත්‍රීන්ට සළකන ආකාරය සහ ඔවුන්ගේ තත්ත්වය ගැන නිදහසේ නිරීක්ෂණය කිරීමට ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලට නොහැකිය. එබැවින් අපයෝජන සහ අතවරවල සැබෑ පරිමාණයත් මෙම පළාත්වල සත්‍රීන් මුහුණ දෙන අසරණකම සහ අපේක්ෂා භංගත්වයත් නිසි ලෙස තක්සේරු කිරීමට අපහසුය.

කෙසේ වුවද අතවර සහ අපයෝජනයන් ගැන සාක්ෂි ප්‍රචලිතය. ශ්‍රි ලංකාවේ ආරක්ෂක හමුදා විසින් රැඳවුම් මධ්‍යස්ථානවලදී දෙමළ ස්ත්‍රීන්ට සහ පිරිමින්ට එරෙහිව සිදු කරනු ලබන ලිංගික අපරාධ සම්බන්ධව හෙළිදරව් කරමින් හියුමන් රයිට් වොච් (Human Rights Watch) විසින් ඉදිරිපත් කරන ලද එහි නවතම වාර්තාව විසින්, ජාත්‍යන්තර ප්‍රජාව විශේෂයෙන්ම එක්සත් ජාතීන් ශ්‍රි ලංකාවේ සිදුවෙමින් පවතින දේ ගැන සෘජු ප්‍රකාශයක් කිරීම අත්‍යවශ්‍යව ඇත්තේ මන්දැයි අවධාරණය කිරීමට විශාල මෙහෙයක් ඉටුකර ඇත.

ජාත්‍යන්තර ස්ත්‍රී දිනය විසින් ප්‍රකාශයට පත් කර ඇති පරිදි, ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියාවන් නැවැත්වීම සඳහා ක්‍රියාත්මක වීමට කාලය පැමිණ ඇත.

එහෙයින් ශ්‍රි ලංකාවේ ක්‍රියාවන් සඳහා එහි වගවීමට බැඳී සිටීම ස්ථාපනයකරමින්, එය බැඳී ඇති ජාත්‍යන්තර ගිවිසුම් වලට අවනතවීමට බලකරමින් , රාජ්‍ය අනුග්‍රහය ලබමින් ලිංගිකත්වය පදනම් කොට සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවන් අවසන් කිරීමට වඩාත් නිශ්චිතවම කාලය පැමිණ ඇත.

එය අවසන් කිරීම සඳහා පහත දැක්වෙන දෑ සිදුකරන ලෙස මම ශ්‍රී ලංකා රජයට ප්‍රකාශ කර සිටිමි.

* ස්ත්‍රී අයිතීන් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම.

* හමුදාවට බැඳෙන ලෙස දෙමළ ස්ත්‍රීන්ට කෙරෙන බලහත්කාරය නවතා දැමීම එයින් වැළකීම.

* දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවලින් හමුදා ඉවත්කිරීම, හමුදාකරණයට ලක් වූ සියළු රජයේ දෙපාර්තුමේන්තු තුළ පූර්ණ සිවිල් පරිපාලනයක් ස්ථාපිත කිරීම, මෙම පළාත්වල දෙමළ වැසියන්ගේ විශේෂයෙන් ස්ත්‍රින්ගේ ජීවන වෘත්තීන් අහිමිකරමින් හමුදාව විසින් සිදු කරන ආර්ථික ක්‍රියාකාරකම් නවත්වා දමන බවට සහතික වීම.

එමෙන්ම එක්සත් ජාතීන් විසින් දියත්කරන ස්ත්‍රින්ගේ මුලපිරීම් (UN Women’s Initiative) නම් වැඩ සටහන මගින් “ ස්ත්‍රීන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය නැවැත්වීමට කැප වෙනු” යනුවෙන් ඉදිරිපත් කරන ඉල්ලීමට සහාය දක්වන ලෙසද මම ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලා සිටිමි.

ඉතිහාසය විසින් උගන්වා ඇති පාඩම් විසින් පෙන්වා දෙනුයේ රජය මේ කිසිවක් ස්වකැමැත්තෙන් ඉටු නොකරනු ඇති බවය.

එහෙයින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ විශේෂයෙන්ම මෙම කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව, පහත පරිදි ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වී ඇතැයි මට හැඟෙයි.

* ශ්‍රි ලංකාවේ තත්ත්වය කෙරෙහි දැඩි අවධානයෙන් පසුවීම.

* දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශ මිලිටරීහරණ කිරීමට ඉල්ලා සිටීම.

* උතුරු සහ නැගෙනහිර පෙදෙස්වල ස්ත්‍රීන්ගේ තත්ත්වය පිලිබඳව නිරීක්ෂණය කරන ලෙස එක්සත් ජාතීන්ගේ ශ්‍රි ලංකා කණ්ඩායමට දන්වා සිටීම,

සහ

* ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වයන් අසමාන ලෙස සැළකීම් පිලිබඳව හෙළිදරවු කිරීමට සුදානම් වීම.

මෙයට අමතරව, යුධ අපරාධ සඳහා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් ස්ථාපනය කිරීමට සහාය වන ලෙස ඉල්ලා සිටිමි. එවැනි යාන්ත්‍රණයක් නිර්මාණයෙන්, වගකීමට බැඳී සිටීම තහවුරු කිරීමට, අපරාධ සඳහා දඬුවම් නොදීමේ සංස්කෘතියට අභියෝග කිරීමට, සහ සංහිඳියාව සාක්ෂාත් කරගැනීමට අත්‍යවශ්‍ය තීරණාත්මක පියවරක් ගත හැකිය.

මේ මගින් සැකයකින් තොරවම, අතිවිශාල ධනාත්මක බලපෑමක් සියලු ජනයාගේ විශේෂයෙන් ශ්‍රි ලංකාවේ දෙමළ ස්ත්‍රීන්ගේ අයිතීන් සම්බන්ධයෙන් සිදුවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

164,733 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>