International schools should teach religion, history and mother tongue to students: President

 
sinhala– සිංහල
english

international schools         

President Mahinda Rajapaksa said International schools operating in SriLanka should teach religion, history and mother tongue to students.

The President said new rules would be introduced to control the activities of international schools and strict action would be taken against teachers  who fail to carry out their duty in a proper manner and that teachers and principals are not permitted to obtain money from students, president said.

The President made this statement while addressing a special conference organised to discuss about development activities carried out by the ministries in the country.

ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යංශය….

ජාත්‍යන්තර පාසල් අධ්‍යාපන අමාත්‍යංශය යටතේ නියාමනය කිරීම ප්‍රබල අවශ්‍යතාවයක් බවත්, ඉතිහාසය, මව්බස, ආගම යන විෂයන් ජාත්‍යන්තර පාසල්වල ඉගැන්වීම අනිවාර්ය කළ යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (18) පැවැසීය. අධ්‍යාපන අමාත්‍යංශයේ 2013-2015 මධ්‍යකාලීන සැලසුම් පිළිබඳව ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා එම අමාත්‍යංශයේදී ඊයේ (18) පැවැති විශේෂ රැස්වීමකදී ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය. තමන්ට ලැබි ඇති තොරතුරු අනුව බොහෝ ජාත්‍යන්තර පාසල්වල ඉහත විෂයන් ඉගැන්වීම නොකරන බවත් මේ රටේ ඉතිහාසය, ජාතිය, ආගම පිළිබඳව දරුවන්ට ඉගැන්වීම නොකරන්නේනම් නීති අණපනත් පනවා හෝ එම වැරැද්ද නිවැරදි කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත නියෝග කළේය.
දැනට තිබෙන නීතිරීති අනුව ජාත්‍යන්තර පාසල් පාලනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයට නොහැකි බවත් ඒ නිසා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට ඊට අදාළ නීතිරීති
ඇතුළත්කොට ජාත්‍යන්තර පාසල් නියාමනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ජනාධිපතිවරයා වෙත පැවැසීය.
සෑම පාසල් දරුවකුටම එක් ක්‍රීඩාවක් අනිවාර්ය කිරීමේ කැබිනට් පත්‍රිකාවක්ද ඉදිරියේදී ඉදිරිපත් කරන බවද බන්දුල ගුණවර්ධන මහතා ජනාධිපතිවරයා වෙත මෙහිදී පැවැසීය.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමැතිවරුන් කිහිපදෙනකු හා අධ්‍යාපන අමාත්‍යංශයට සම්බන්ධ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*


*

* Copy This Password *

* Type Or Paste Password Here *

196,547 Spam Comments Blocked so far by Spam Free Wordpress

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>